වාණිජත්වය නිසා අහිමිවූ දේශීය හර පද්ධතිය නව වසරේදී යළි අත්කර ගනිමු!

නදීක දයා බණ්ඩාර – මහනුවර

කොළඹ LNW:සිංහල හින්දු අලුත් අවුරුද්ද ගැන උද්ධාමයෙන් කථා කළත් එදා තිබුණු ශ්‍රී විභූතිය අද තිබේද යන්න යළි සිහිපත් කර ගත සිදුව ඇතැයි අස්ගිරි පාර්ශවයේ අනුනායක, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති පූජ්‍ය වේඩරුවේ උපාලි හිමියෝ පවසති.

වාණිජත්වය නිසා අප අතරින් තුරන්වී යන මහා සංස්කෘතිය, හර පද්ධතිය සහ වටිනාකම් යනාදිය මෙම උදාවූ නව වර්ෂයේදී යළි උදා කර ගැනීමට කටයුතු කළ යුතු යැයි සිය සුබ පැතුම් පණිවුඩය එක් කරමින් අනුනායක හිමියන් පැවසූහ.

අහිමි වී ගිය හිතවත්කම් යළි ලබා ගැනීමට හැකි විශේෂ අවස්ථාවක් වශයෙන් අලුත් අවුරුද්ද හැදින්විය හැකි යැයි කී අනුනායක හිමියන් සිය සුභපැතුම් පණිවුඩයේ මෙසේ සඳහන් කරති.

”නව අලුත් අවුරුද්දේදී සතුට, සමගිය, සමාදානය, නිරෝගීභාවය වැනි ගුණාංග අවුරුදු මංගල්‍ය සමඟ අපට උදාකර දී තිබෙනවා. දීර්ඝ ශිෂ්ඨාචාරයකට උරුමකම් කියන අප අපටම ආවේණික වූ ජීවන රටාවක්, ආහාර පද්ධතියක්, දේශීය වෙදකම. හෙළ ක්‍රීඩා ආදියෙන් සමන්විත ජාතියක් වශයෙන් හදුන්වන්න පුළුවන්.”

එමෙන්ම පරණ අවුරුද්ද, පුණ්‍ය කාලය සහ අලුත් අවුරුද්ද වශයෙන් අවුරුද්ද හා බැදුණු අවස්ථා තුනක් හදුන්වා දිය හැකි යැයි කී උන්වහන්සේ වැඩ අත්හැරීම, ආගමික වතාවත්වල යෙදීම හා යළි වැඩ ආරම්භ කිරීම මෙහිදී සංකේතවත් කරන බවත් පැවසුවේය. එදිනෙදා ජීවිතයේදී නව කාර්යයක් ආරම්භ කිරීම බෞද්ධාගම සමඟ බැදී ඇතැයි ද අනුනායක හිමියන් සඳහන් කළහ.

එදා කුඩා දරුවාගේ සිට වැඩිහිටියන් දක්වා අලුත් අවුරුද්දේදී ප්‍රිතියක් ලැබුවත් අද සමාජය දෙස බලන විට පුද්ගලයෙකු එවැනි සතුටක් භුක්තිවිදිනවාද යන්න යළි සිතා බැලිය යුතු යයි ද අනුනායක හිමියන් පැවසූහ. විවෘත ආර්ථිකයේ වාණිජමය සංකල්ප නිසා උදාර සංස්කෘතිය මෙන්ම දේශීය ආර්ථකය කඩා වැටී ඇති බව ප්‍රකාශ කළ යුතුව ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

එබැවින් අප අතරින් තුරන් වී යන හර පද්ධති යළි ලබා ගැනිම සඳහා එහි වටිනාකම් ගැන අනාගත පරපුර දැනුවත් කළ යුතු යැයි ද අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමියන් සිය සුභ පැතුම් එක්කරමින් තව දුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...