අරග්චි : ශිෂ්ටාචාරයක නියෝජනය

අතිශයින්ම අර්බුදකාරී අතිශයින්ම තම ශිෂ්ටාචාරයේ පැවැත්ම අභියෝගයකට ලක්වෙච්ච වෙලාවක ඒ තමන්ගේ ශිෂ්ටාචාරය, තමන්ගේ අභිමානය, තමන්ගේ අනන්‍යතාව, තමන්ගේ රට සහ තමන්ගේ මිනිස්සු වෙනුවෙන් හිටගත්ත ඉතාම පැහැදිලි පෞරුෂයක් මම මෑත ඉතිහාසයේ දැක්කේ ඉරාන විදේශ ඇමති අබ්බාස් අරග්චි ඇතුලේ. ඔහු නියෝජනය කරන්නේ ඉරාන ඉස්ලාමීය රෙජීමය බව ඇත්ත. හැබැයි අකුරු උගත් මැදිවියේ මනුස්සයෙක් හැටියට ඔහුගේ කාර්යභාරය ඉතාම ඉහළින් තියෙනවා.

ඔහුගේ භාෂාව ඇතුලේ, හැසිරීම ඇතුලේ, සංයමය ඇතුලේ ඔහු නියෝජනය කරන රෙජීමයට වඩා ඔහු ඉස්සරහින් ඉන්නවා.

ඔහුව කැපිල පෙන්නේ ඔහුගේ අනික් පැත්තේ ඉන්න අන්ත දක්ෂිණාංශික තක්කඩි ඇමරිකන් මෝඩයෝ ටික එක්ක ගත්තම. ටයි කෝට් ඇන්දට උපන්ගෙයි ඉංග්‍රීසි කතාකලාට යුරෝපීය නූතනත්වයේ හුළඟක්වත් උංගේ ගෑවිලා නැහැ.

ළමා අපචාර චෝදනා එක්ක ඒප්ස්ටීන් දුපතේ හිටිය (ඒප් කියන්නේ වානර කියන අර්ථයෙන් ඒක වානර දූපත) ට්‍රම්ප් ජේසුට ඇඳලා. ඒ ජේසු කියනවා ශිෂ්ටාචාර අතුගාල දානවා කියල. අනික් පැත්තෙන් තව සිවිල් චෝදනා ගොඩක් තියෙන බේබද්දෙක් ඇමෙරිකන් හමුදාවට අණදෙනවා. ටීම් එකේ අනික් උනුත් අඩු වැඩි වශයෙන් එහෙම තමයි.

ඒ වගේ වෙලාවක ඉතාම සංයමයෙන්, කරුණු මත පදනම්ව අරග්චි තමන්ගේ රට සහ ශිෂ්ටාචාරය නියෝජනය කරනවා. ඔහුගේ කරුණු සහ ඉදිරිපත්කිරීම සහ භාෂාව ඇතුලේ ඔවුන් බටහිරට වඩා ශිෂ්ටයි.

මම කියන්නේ නැහැ අරග්චි නියෝජනය කරන පැත්ත සර්ව සාධාරණයි කියල. ඇතුලේ අවුල් ඇති. දේශපාලනය කියන්නේ සර්ව සාධාරණ එකක්ම නෙවෙයි. හැබැයි මේ මොහොතේ ආක්‍රමණිකයාට එරෙහිව ඔහු ඔහුගේ වැඩේ කරනවා.

ඉරානය යන පාර පැහැදිලියි. එක්කෝ අභිමානය නැත්නම් මරණය. ඔවුන් ඒ දෙක අතරේ තමයි වැඩකරන්නේ. දැන් හෝමුස් එක්ක චීනෙත් මේ වැඩේට පැටලෙනවා. එතකොට ඇමෙරිකාවට බලන්න පුළුවන් වෙයි…

මේ වගේ යුදමය ආක්‍රමණික වෙලාවක විදේශ ඇමති කියන්නේ රටේ කොඳු නාරටිය. ඒක ඉහලින්ම අරග්චි කරමින් ඉන්නවා.

~ මහේෂ් හපුගොඩ