ඉරානයේ යටිතල පහසුකම්වලට සිදු වූ දැවැන්ත හානිය වෙනුවෙන් ඩො. බි. 270ක වන්දි මුදලක් ඉල්ලයි..

රෂිකා හෙන්නායක අප්‍රේල් 15 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ඇමරිකාව සහ ඉශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හමුවේ ඉරානයේ යටිතල පහසුකම්වලට සිදු වූ දැවැන්ත හානිය වෙනුවෙන් එරට රජය ඩොලර් බිලියන 270ක වන්දි මුදලක් ඉල්ලා සිටියි.

තෙල් පිරිපහදු, විදුලි බලාගාර සහ ප්‍රවාහන ජාල ඉලක්ක කරගත් මෙම ප්‍රහාර හේතුවෙන් ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ඒ පිළිබඳව ඉදිරි සාකච්ඡාවලදී අවධානය යොමු කිරීමට ඉරානය බලාපොරොත්තු වේ.

යුධමය තත්ත්වයට අමතරව, එරට රජය විසින් පනවා ඇති අන්තර්ජාල තහනම හේතුවෙන් දිනකට ඩොලර් මිලියන 80ක පමණ අමතර පාඩුවක් සිදුවන බව වාර්තා වේ.

පවතින දැඩි සම්බාධක මධ්‍යයේ ඉරාන ගුවන් සේවය ඇතුළු ක්ෂේත්‍ර රැසක් අර්බුදයකට පත්ව ඇති නමුත්, තම න්‍යෂ්ටික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සහන ලබා නොදෙන බවට ඉරාන බලධාරීන් අනතුරු අඟවයි.

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නැව්වලින් බදු අය කිරීම වැනි විකල්ප මගින් අලාභය පියවා ගැනීමට ද මෙහිදී යෝජනා වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...