ට්‍රම්ප්ගේ මැදපෙරදිග යුද තර්ජනවලට තමා යටත් නොවන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරාන යුද්ධයට සහය නොදක්වන්නේ නම් බ්‍රිතාන්‍ය තීරු බදු ඉහල නැංවීම හා පවතින වෙළඳ ගිවිසුම් සංශෝධනය කරන බවට කරන ලද තර්ජනය තමා ප්‍රතික්ෂේප කරන බවත්, තමා යටත් නොවන බවත්, එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය කියර් ස්ටාමා ප්‍රකාශ කර තිබේ.

පසුගිය මාසයේ ඉරානයට එරෙහි එක්සත් ජනපදයේ ආරම්භක ප්‍රහාර සඳහා බ්‍රිතාන්‍ය කඳවුරු භාවිතා කිරීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කිරීම, එක්සත් රාජධානියේ ගුවන් යානා ප්‍රවාහන නෞකා සම්බන්ධයෙන් හා චාගෝස් දූපත් වල ස්වෛරීභාවය ආදිය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් අගමැති ස්ටාමා සමඟ කෝපයට පත් වූ අතර ඉන් අනතුරුව අවස්ථා ගණනාවකදී ජනාධිපති ට්‍රම්ප් විසින් අගමැති ස්ටාමා සමච්චලයට ලක් කර තිබිණි.

කෙසේ නමුත් අගමැති ස්ටාමා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ,’ ‘මම මගේ අදහස වෙනස් කරන්නේ නැහැ. මම යටත් වෙන්නේ නැහැ. මෙම යුද්ධයට සම්බන්ධ වීම අපගේ ජාතික අවශ්‍යතාවයක් නොවන බවයි.‘

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...

ගුවන් හමුදාව සඳහා පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

ශ්‍රී ලංකා FinTech Festival 2026 සමුළුව සාර්ථකව නිමාවට පත්වෙයි….

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ සහයෝගයෙන්...

කුමුදු කුමාරසිංහගේ නවකතාවක් සහ කෙටිකතා පොතක් ජනගත වෙයි! (PHOTOS)

කොළඹ LNW:ලේඛිකා කුමුදු කුමාරසිංහ විසින් රචිත කෘති ද්විත්වයක් දොරට...