2022 වසරේ පළමු පාසල් වාරය සැප්තැම්බර් 07 වනදායින් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සැප්තැම්බර් 08 වනදා සිට 12 වනදා දක්වා දින 05ක් පාසල් වාර නිවාඩුව ලබාදෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ.
දෙවැනි පාසල් වාරයේ අධ්‍යන කටයුතු සැප්තැම්බර් 13 වනදා ආරම්භ කෙරෙනු ඇත.
එසේම එම පාසල් වාරයේ නිවාඩුව දෙසැම්බර් 03 වනදා සිට 2023 ජනවාරි 01 වනදා දක්වා ලබාදෙනු ඇති අතර එම කාලය තුළ අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
RN