සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 16; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර 34 කට පසු ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ නායකයින් පළමු වරට එකිනෙකා සමඟ සාකච්ජා කිරීමට සුදානම් බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ ප්‍රකාශයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ලෙබනනය ඊශ්‍රායලයේ විනාශකාරී ප්‍රහාර අවසන් කිරීම සඳහා දෙරටේ තානාපතිවරුන් දශක තුනකට වැඩි කාලයකට පසු වොෂින්ටන්හි ඔවුන්ගේ පළමු සෘජු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අද(16) ආරම්භ කරන බවයි.
සාකච්ජා සඳහා සම්බන්ධ වන නිලධාරීන් කවුද යන්න ජනාධිපති ට්‍රම්ප් නිශ්චිතව දක්වා නොමැති අතර ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ සාමාජිකාවක් වන ගිලා ගම්ලියෙල්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් සමඟ කතා කරන බව ඊශ්‍රායල හමුදා ගුවන් විදුලිය නිවේදනය කර ඇත.
ටෙහෙරානයට සම්බන්ධ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු මාර්තු 2 වන දින ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයට ලෙබනනය ඇද ගන්නා ලදී.
පෙබරවාරි 28 වන දින යුද්ධයේ පළමු දිනයේදී ඊශ්‍රායලය විසින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම මෙන්ම 2024 නොවැම්බර් මාසයේදී ලෙබනනයේදී ඊශ්‍රායලය එකඟ වූ සටන් විරාමය දිනපතාම පාහේ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පැවසීය.
එතැන් සිට, ඊශ්‍රායල හමුදා ලෙබනනයේ 2,000 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති අතර මිලියන 1.2 ක් පමණ අවතැන් කර ඇත.



