ලුසියානා හි සමූහ වෙඩි තැබීමකින් ළමුන් අට දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 20; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇමරිකා එක්සත් ජනපදයේ ලුසියානා නගරයේ ෂ්රෙව්පෝර්ට් හි ඊයේ(19)රාත්‍රියේ සිදු වූ සමූහ වෙඩි තැබීමකින් අවම වශයෙන් අවුරුදු 1-14ත් අතර ළමුන් අට දෙනෙකු මිය ගොස් වැඩිහිටියන් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ෂ්රෙව්පෝර්ට් පොලිස් දෙපාර්තමේන්තු ප්‍රකාශක ක්‍රිස් බෝර්ඩෙලන් ප්‍රකාශ කර තිබුණේ, සැකකරු වන ෂමාර් එල්කින්ස් ඔහුගේම දරුවන් හත් දෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ මවට තුවාල සිදු කළ අතර තවත් දරුවෙකු ද ඝාතනය කර ඇති බවයි.

ඝාතන වලට සම්බන්ධ සැකකරු පලා යාමට උත්සහ කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට අදාල විමර්ශන කටයුතු සිදු වෙමින් පවතියි.

තුවක්කු ප්‍රචණ්ඩත්වය පිළිබඳ ලේඛනාගාරයට අනුව, 2026 දී එක්සත් ජනපදය පුරා අවම වශයෙන් සමූහ මිනීමැරුම් හයක් සිදුවී ඇති අතර සමූහ මිනීමැරුම් යනු වින්දිතයින් හතර දෙනෙකු හෝ වැඩි ගණනක් මිය යන අවස්ථා ලෙස අර්ථ දක්වයි.