රනිල්ගේ ගෙදරට ගිනිතියපු එකත් සාමකාමීයි – සුනිල් හඳුන්නෙත්ති (VIDEO)

පසුගිය ජුලි මාසයේ පැවති අරගල අතරතුර පිරිසක් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනිතැබීම ද සාමකාමී ක්‍රියාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බලමණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ය.

ප්‍රශ්නය – එතකොට ජනාධිපතිවරයාගේ ගෙදරට ගිනිතියපු එකත් සාමකාමීද ?

“ඔව් ! සාමකාමීයි !”

ප්‍රශ්නය – ඒ කොහොමද ?

“තුවක්කු පැත්තකින් තියලා එයා සාකච්ඡා කරන්න ආවා නම් ගිහිල්ලා කතා කරනවානෙ ? එයා ජනාධිපති හින්දා සාකච්ඡා කරන්න ආවා නම් කතා කරනවානෙ ? එයා වෙඩිතිබ්බ හින්දානෙ, එයා කඳුළු ගෑස් ගහපු හින්දානෙ මේ පැත්තෙන් ඒ විදියට ගියෙ ?”

ප්‍රශ්නය – ඒක ම්ලේච්ඡත්වය නෙවෙයිද ?

“ඉතිං දෙකම ම්ලේච්ඡත්වයනෙ ? (සිනාසෙයි) ඉතින් කිසි අරගලයක් සාමකාමී නෑනෙ ? අරගල කියන්නෙ එහෙම තමයි. ඉතින් ඔය විදියට බැලුවොත් දුටුගැමුණු රජ්ජුරුවන්ගේ නැගිටීමත් ම්ලේච්ඡයි. ඉතිහාසයේ ගත්තොත් එහෙම මොකක්වත් ම්ලේච්ඡ නැති අරගල නෑනෙ ? වීර පුරන් අප්පු, ගොංගාලේගොඩ බණ්ඩා, කැප්පෙටිපොල, ඊට කලින් දුටුගැමුණු, ඔය මහා වංශකතාවල ලියන ඔක්කොම ඉතින් ම්ලේච්ඡයිනෙ ?”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...