ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:ත්‍රී රෝද රථ සොරාගෙන මත්දුව්‍ය ප්‍රවාහනය කිරීමේ යෙදුණු කොළඹ පෞද්ගලික බැංකුවක ගිණුම් විගණන නිළධාරියෙකු ලෙස කටයුතු කළ අයෙකු හෙරොයින් ග්‍රෑම් 20 මිලි ග්‍රැමි 830 ක් සහ සොරා ගත් ත්‍රී රෝද පහක් සමග හෝමගම කටුවාන ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව හෝමගම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය පවසයි
සැකකරුට විවිධ අධිකරණ තුළ නඩු 28 ක් පවතින බවට අනාවරණය වී ඇත
එම කොට්ඨාශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න මහතාට පෞද්ගලික ඔත්තුකරුවකුගෙන් ලද තොරතුරකට අනුව සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
එම සැකකරු කොළඹ ප්‍රධානතම සුප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබා අදාල පෞද්ගලික බැංකුවේ රාජකාරී කරමින් සිටින අතරතුර සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හඳපාන්ගොඩ හඳයා නැමැත්තාගේ සමීපතම ගෝලයකු වන පුද්ගලයයෙකු සමග ඇති කර ගත් සබඳතාවක් මත දැඩි ලෙස අයිස් මත්දුව්‍ය පානයට ඇබ්බැහි වීම නිසා එම මත්දුව්‍ය මිලදී ගැනීමට මුදල් උපයා ගැනීම සදහා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදු කර ඇතැයි සිදුකල ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බවද එම කොට්ඨාශය පවසයි.
ඒ අනුව එම සැකකරුවද හෙරොයින් ග්‍රැමි 51 මිලි ග්‍රෑම් 300 ක් සමගින් හෝමගම පිටිපන දී අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් සැකකාර පෞද්ගලික බැංකු නිලධාරියා පොලිස් ඇසට වැලි ගසා මත්දුව්‍ය ප්‍රවාහනය සදහා මෙලෙස මරදාන ටෙක්නිකල් හන්දිය , නාවින්න සුපිරි වෙළදසැලක් අසලින්, හෝමගම පනාගොඩ යුධ හමුදා කදවුර ආසන්නයේදී සහ අතුරුගිරිය ප්‍රදේශයේදී සොරා ගත් ත්‍රී රෝද රථ සොයා ගැනීමට හැකි වූ බවද එම හෝමගම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.
සැකකාර බැංකු නිලධාරීයාගේ තොරතුරු මත අත්අඩංගුවට ගත් හඳපාන්ගොඩ හඳයා නැමැති අපරාධකරුගේ සමීපතම ගෝලයා ඝාතන සිද්ධීන් හෝ අවි ආයුධ ජාවාරම් සදහා සම්බන්ධ වී ඇද්ද යන්න තවදුරටත් විමර්ශන කටයුතු සිදු කෙරේ
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ හඳපාන්ගොඩ හඳයා නැවැති අපරාධකරුගේ ප්‍රධානතම ගෝලයකු වන හෝමගම පිටිපන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 24 හැවිරිදි තරුණයෙකු සහ කොට්ටාව රුක්මල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පෞද්ගලික බැංකු විගණන නිලධාරියෙකි.
සැකකරුවන් දෙදෙනා විෂ මත්ද්‍රව්‍ය පනත යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු හෝමගම, ගංගොඩවිල, කඩුවෙල සහ අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
හෝමගම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අමිල ගෝවින්න උප පොලිස් පරීක්ෂක පසන් දයානන්ද පොලිස් සැරයන්වරුන් වීරසිංහ සහ සුදේශ් පොලිස් කොස්තාපල්වරුන් වන දිසානායක, මුධූෂ, ජනිත් සහ පොලිස් කොස්තාපල් රියදුරු සිල්වා යන නිලධාරීන් විමර්ශනයට එක්විය.


