රනිල්ගේ පාර්ලිමේන්තු බැටන් එක වජිරට,වජිර මහ බැංකුවට පන්න පන්න දෙයි!(VIDEO)

Date:

රට බංකොලොත් වීමට හේතුව පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයින් නොව මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පෙන්වාදුන්නේය.

ඒ,ඊයේ (01)පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමිනි.

කෙසේවෙතත් අවසානයේ සිදුවූයේ මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ගිනිබත් වීම බව අබේවර්ධන මහතා පැවසුවේ.

වහාම රට බංකොලොත් වීම ගැන පාර්ලිමේන්තුවේ 225විසින්ම පරීක්ෂණයක් ඉල්ලිය යුතු වන බවයි ඔහු කියාසිටියේ.

මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් හිතන්නේ නම් ඔවුන් රටේ පාලකයන් බවට එය විශාල වරදක් බවද මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

”රට බංකොලොත් කිරීමේ බලයක් මුදල් අමාත්‍යාංශයට නැහැ.රට බංකොලොත් කිරීමේ බලයක් මහ බැංකුවට නැහැ.එවැනි දෙයක් කළාම සියලූ දෙනා සද්ද නැතුව ඉන්නවා.ඒකට දඬුවම් විදිනවා පාර්ලිමේන්තුවේ ඉන්න 225දෙනා .ඒගොල්ලන්ගේ ගෙවල් පුච්චන්නේ.මහජනයාගේ හිතේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් රට බංකොලොත් කළා කියල.පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයින් රට බංකොලොත් කළේ නැහැ.මට දැනගන්න ලැබුණා මේ පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් පැමිණ සාක්ෂි ලබාදුන්නා කියල. ඒ අයට තිබුණනේ අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවේ නියෝජිතයින් කැඳවලා කියන්න තිබුණා රටේ මෙහෙම ප්‍රශ්නයක් තිබෙනවා මොකද කරන්නේ කියල.එහෙම වුණා නම් මේ පාර්ලිමේන්තුවම මුදල් අමාත්‍යාංශයක් වෙලා එදා තීරණ ගනි.මේ රටේ සාර්ථක ව්‍යාපාරිකයින්ගේ LC උස්සල පොළවේ ගැහුවේ කවුද?මේ මන්ත්‍රීවරුද?ඒ නිසා අද කල්පනාවෙන් මේ ප්‍රශ්න දිහා බැලිය යුතුව තිබෙනවා.රට බංකොලොත් කියල පණිවිඩයක් දෙන්න කාටද බලයක් තිබුණේ.කවුද එහෙම කළේ.එහෙම කළාට පස්සේ කවුරු හරි කියනවා නම් අප්‍රේල් 16වෙනිදා අනුමැතියක් ගත්තා කියල ඒ කියන්නේ පාර්ලිමේන්තුව හෑල්ලු කරලා.”

මෙහිදී සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා නැගිට විමසා සිටියේ ”ඔබතුමා කතාකරන්නේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගැනද?යන්නයි.

ඊට පිළිතුරු දුන් වජිර අබේවර්ධන මහතා,”කබ්රාල් ද?ලක්ෂ්මන්ද? කියල මට අදාළ නැහැ.පාර්ලිමේන්තුවේ 225මේගැන නිසි පරීක්ෂණයක් ඉල්ලිය යුතුයි.රටට කියන්න ඕනේ පාර්ලිමේන්තුවට නොකියා රට බංකොලොත් කළා කියල.මට ආරංචියක් ආවා පිටූ 22ක කැබිනට් පත්‍රිකාවක් හදනවා කියල වෙච්ච වැරදි වහගන්න.කවුරු කළත් මෙවැනි වැරදි සිදුනොවෙන්න වගබලා ගත යුතුයි.මේ අයවැයත් නැත්නම් කුමක් සිදුවෙයිද දන්නේ නැහැ.අපි කල්පනා කරන්න ඕනේ වෝටර් බෝර්ඩ් එක වගේද මුදල් අමාත්‍යාංශය කියල.පෙට්‍රෝලියම් එක වගේද මහ බැංකුව කියල.ඒ ආයතනවල ඉන්න කවුරු හරි හිතනවා නම් අපි තමයි පාලකයෝ කියල මම හිතනවා ඒක බරපතල වැරද්දක්.”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ මහ නගර සභාවේ ආදායම් උපයන්න අලුත් වැඩක්!

කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අදායම් උත්පාදනය ඉහළ නැංවීමේ...

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...