*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

බැසිල්ට රට යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විදේශගත වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා. මෙම අවසරය ලබන වසරේ ජනවාරි 15 දක්වා වලංගු වේ.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නැයි විමර්ශන අංශ වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් කිහිපයක් ගොනුකර තිබේ. හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා, බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.

මෙම පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්වල වගඋත්තරකුරුවන්ට විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබිණි.

බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අද අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සහ වෙනත් පෞද්ගලික හේතූන් මත ඇමරිකාව බලා පිටත්ව යාමට අවශ්‍ය බවයි. එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලිණි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan