සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියානු අගනුවර වන ජකර්තා අසල දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව 79 දෙනෙකු තුවාල ලබා තිබේ.
ජකර්තාට යාබදව පිහිටි බෙකාසි නගරයේ දුම්රිය ස්ථානයේ දී, මගී දුම්රියක් සහ දිගු දුර දුම්රියක් අතර ඊයේ(27) රාත්‍රියේදී මෙම අනතුර සිදුව ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින බවට විශ්වාස කරන මඟින් වෙනුවෙන් අඛණ්ඩ සොදිසි කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින අතර යි.
අනතුරට හේතුව විමර්ශනය කරමින් පවතින අතර ඉන්දුනීසියාවේ දුම්රිය ජාලයේ දුම්රිය අනතුරු සුලභ නොවන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ,

