හිස්බුල්ලා සහ මුළු ලෙබනනයම ගිනි තබන බව ඊශ්‍රයල ආරක්ෂක ඇමති කියයි

සටහන: සශිකලා මධුෂාණි
අප්‍රේල් මස 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඊශ්‍රායල් හා ලෙබනන් දේශසීමා අසල නැවත යුධ වාතාවරණයක් ඇති වීමත් සමඟ හිස්බුල්ලා සහ මුළු ලෙබනනයම ගිනිබත් කරන බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් ප්‍රකාශ කර තිබේ.

පසුගිය 16වන දා ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීම මත වොෂින්ටන්හිදී වසර 34 කට පසු ඊශ්‍රායලයේ සහ ලෙබනනයේ නායකයින් හමු වූ අතර එරෙහි දෙපාර්ශවය අතර එකඟතාවන් මත සටන් විරාමයකට එකඟ විය.

විධිමත් සටන් විරාමය තිබියදීත්, ඊශ්‍රායල හමුදාව සහ හිස්බුල්ලා සංවිධානය වෙඩි හුවමාරුව දිගටම කරගෙන ගොස් ඇත. නැගෙනහිර ලෙබනනයේ බෙකා නිම්නයේ හිස්බුල්ලා යටිතල පහසුකම් ස්ථාන ලෙස හඳුන්වන ස්ථානවලට මෙන්ම දකුණු ලෙබනනයේ ටිබ්නින්, යාටර් සහ බින්ට් ජ්බෙයිල් නගර ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව තහවුරු කර ඇති අතර හිස්බුල්ලා සංවිධානය දකුණු ලෙබනනය තුළ ඊශ්‍රායල හමුදාවන්ට ප්‍රහාර එල්ල කළ බව ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් මේ වන විට හිස්බුල්ලා නායක නයිම් කසෙම් විසින් සාම සාකච්ජාවන් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු සඳහන් කර තිබුණේ ලෙබනන් ජනතාවට විකල්ප දෙකක් ඇති බවත් එනම් විමුක්තිය සහ ආඩම්බරය හෝ වාඩිලා ගැනීම සහ නින්දාව හිමිවන බවයි.

පෙබරවාරි 28 වන දින යුද්ධයේ පළමු දිනයේදී ඊශ්‍රායලය විසින් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඝාතනය කිරීම මෙන්ම 2024 නොවැම්බර් මාසයේදී ලෙබනනයේදී ඊශ්‍රායලය එකඟ වූ සටන් විරාමය දිනපතාම පාහේ උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර එල්ල කළ බව හිස්බුල්ලා සංවිධානය පැවසීය.

එතැන් සිට, ඊශ්‍රායල හමුදා ලෙබනනයේ 2,000 කට වැඩි පිරිසක් ඝාතනය කර ඇති අතර මිලියන 1.2 ක් පමණ අවතැන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...

වසර පහකට පසු දික්වැල්ල T20I සංචිතයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි...

රු. බි. 24.85ක විදේශ මුදල් හුවමාරුවක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: රුපියල් බිලියන 24.85ක් වටිනා...