රෂිකා හෙන්නායක අප්‍රේල් 28, කොළඹ LNW :
ශ්‍රී ලංකා තැපැල් සේවය විසින් ඇමරිකානු තැපැල් සේවයට ගෙවන ලද තවත් ඇමරිකානු ඩොලර් 600,000 ක මුදලක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (28) පැවසීය.
ගෙවීම නොලැබීම සම්බන්ධයෙන් ඇමරිකානු තැපැල් සේවය කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඔහු සතිපතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බව අමාත්‍යවරයා පැවසීය.



