කොළඹ LNW:හැක් කරපු කෙනා කෝල් කරලා කියලා මං දැන් ඔයාගේ ගිණුම හැක් කරන්න යන්නේ අනේ කරුණාකරලා මේ ලියුම් ටිකට අත්සන් කරලා එවන්න කියලා කියලා තමයි අත්සන ගස්වගෙන තියෙන්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව ප්‍රකාශ කලේ අද (28) දින තංගල්ලේදී මාධයවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා.
”දැන් අද වෙනකොට රට නෙවෙයි මුළු ලෝකයම දන්නවා එක පැත්තකින් වරායෙන් කන්ටේනර් 323 ක් පැන්නුවා බාල ගල් අඟුරු ගෙනාවා ලෝකෙ වැඩිම මුදලක් ගෙවලා තෙල් නැවක් ගත්ත බවට ඉතිහාස ගත වෙලා. මේක මේ මැදපෙරදිග අර්බුද කාල සීමාවේදී වැඩිම කොමිෂන් එකක් දීලා වැඩිම මිලක් දීලා තෙල් ගත්ත රට බවට පත් උනා විතරක් නෙවෙයි දැන් කියනව තමන්ගේ මුදල් අමාත්‍යංශයෙනුත් සල්ලි හොරකම් කරලා කියලා. දැන් හැකර් හැක් කරා කියලනෙ කියන්නේ ඉතින් මෙහෙම හැක් කරනවා කියලා ලෝකෙ කිසිම රටක අහල නෑ හැකර් හැක් කරපු කෙනා කෝල් කරලා කියලා මං දැන් ඔයාගේ ගිණුම හැක් කරන්න යන්නේ අනේ කරුණාකරලා මේ ලියුම් ටිකට අත්සන් කරලා එවන්න කියලා කියලා තමයි අත්සන ගස්වගෙන තියෙන්නේ.පැහැදිලිවම මේ හැක් කිරීමක් නෙවෙයි මේක වංචාවක් ආණ්ඩුව මේකට වගකිවයුතු විතරක් නෙවෙයි මුදල් ලේකම්වරයා ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා විදියට මේ පිළිබඳව වගකීම බාරගන්න ඕන සහ මේක ඔවුන්ගේ සථාවරය පැහැදිලිවම රටට කියන්න ඕන.
මේ වෙනකන් ඇයි නීතියමය ක්‍රියාමාර්ග ගත්තේ නැත්තේ. දැන් එක වෙලාවක කියනවා හැකර් හැංගේවි කියලලු. දැන් හැකර් හැංගේවි කියලා හොරාට මාස අටක් හංගන් ඉඳලා පරීක්ෂණ කරන්නේ නැතුව.ඇයි හැකර් හැංගෙන හින්දා. මේ තව දුරටත් රටේ ජනතාවට බොරු කියන්නේ නැතුව රටේ ජනතාවගේ බදු මුදල්. එක පැත්තකින් විදේශ රටවල වැඩ කරන අය මේ රටට එවන විදේශ විනිමය දිට්වා සුළි කුනාටුව වෙලාවේ අපේ ශ්‍රී ලංකා ඩයස්‌පෝරාවේ එකතු කරල එවපු ආධාර මේ ඔක්කොම තියෙන්නේ ඔය ගිණුම ඇතුලේ .දැන් ඒ ටිකවත් ආරක්ෂා කරගන්න බැරි නම් RDA එකත් කියනවා නම් තමන් කොන්ත්‍රාත් සමාගම් වලට දෙපාරක් ගෙවලා කියලා. දැන් එක පාරක් නෙවෙයි. මාස ගණනාවක් තිස්සේ ගෙවීම් නොකරපු ආයතන බොහෝමයක් තියෙනවා හැබැයි සමහර සමාගම් වලට දෙපාරක් ගෙවලා තියෙනවා.”
ඒ අනුව ආණ්ඩුවේ නොහැකියාව සහ වංචනික බව පැහැදිලි වන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.


