සමගියේ ඇරයුමට එජාපයෙන් පිළිතුරු

සටහන – රුවන් නෙළුගොල්ල

මැයි දිනය සැමරීම සඳහා තම පක්ෂය සමග එකතු වන ලෙස සමගි ජන බලවේගය විසින් එක්සත් ජාතික පක්ෂය වෙත යවන ලද ලිපියට එජාප මහලේකම් තලතා අතුකෝරාළ මහත්මිය පිළිතුරු ලබාදී තිබේ.

ඒ අනුව සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙත ලිපියක් යවමින් ඇය දැනුම් දී ඇත්තේ මෙවර මැයි දිනය යෙදී ඇති පළමු වැනිදා පසළොස්වක පොහෝ දිනයක් බැවින්, එදින දේශපාලන කටයුතුවල නොයෙදී ආගමික උත්සව සඳහා වෙන් කිරීමට එක්සත් ජාතික පක්ෂය කලින්ම තීරණය කළ බවයි.

එහෙයින් සමගි ජන බලවේගයේ හෝ වෙනත් පක්ෂයක හෝ මැයි දින රැලිවලට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂයට අවකාශයක් නොලැබෙන බවයි ඇය සඳහන් කර ඇත්තේ.

එමෙන්ම මැයි පළමු වෙනිදා පොහෝ දිනයක් වුවහොත් දේශපාලන කටයුතුවල යෙදීම සුදුසු නොවන බවට රණසිංහ ප්‍රේමදාස මහතා අගමැතිවරයා ලෙස සිටි සමයේ පෙන්වා දී ඇති බවත් එජාප මහලේකම්වරිය සිහිපත් කර ඇත.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂ සහ සමගි ජන බලවේගය එකට එකතු වී වැඩකිරීම බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව බවත් එබැවින් අනාගත දේශපාලන කටයුතුවලදී එකට වැඩ කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් ඇය වැඩිදුරටත් සිය ලිපියෙන් දැනුම් දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...