සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වෙයි

එස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන ආයතනයෙහි අධිපති දේශබන්දු සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 90 වැනි වියෙහි පසුවූයේය.

සිරිසුමන ගොඩගේ මහතා යනු ශ්‍රී ලංකාවේ පොත් ප්‍රකාශන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතමයකු වන අතර එස්. ගොඩගේ සහ සහෝදරයෝ පුද්ගලික සමාගම ඔස්සේ මුද්‍රණය කර බෙදාහැරුණු ග්‍රන්ථ සංඛ්‍යාව අතිවිශාල ය.

අද දිනයේ අප දන්නා බොහෝ ප්‍රවීණ ලේඛකයින්ට ඔවුන්ගේ මුල් අවධියේදී සිරිසුමන ගොඩගේ මහතාගෙන් ලැබුණු සහයෝගය ඉමහත් ය. එසේම ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල හරහා සහ ගොඩගේ අත්පිටපත් තරගය හරහා ද මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සිරිසුමන ගොඩගේ මහතා දැක්වූ දායකත්වය සුවිශේෂී වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ තඹ පටි ගැහිල්ල – කෝප් කමිටුවේදී සියල්ල හෙළි වෙයි

කොළඹ LNW:ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ අකුණු...

ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතා විසඳා ගැනීමට න්‍යෂ්ටික ශක්තිය කෙසේ උපකාරී වේවිද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ලෝකය පුරා රටවල්...

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!

රන් කිලෝග්‍රෑම් 02 කට වඩා ගෙන ඒම නිසා වසරක සිරදඬුවමක් විඳි ශ්‍රී ලාංකිකයා මාලදිවයින් මහාධිකරණයෙන් නිදහස්!