අපහාස පරීක්ෂණ : ලාල්කාන්තගේ ඉඩම් ගනුදෙනුවක් ගැන කියූ ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිව CIDයට කැඳවයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කැඳවීමක් අනුව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් ඊයේ (04) එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

ඒ, කෘෂිකර්ම ඉඩම් වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳව කට උත්තරයක් ලබාදීම සඳහා ය.

අදාළ ප්‍රකාශයෙන් තම කීර්ති නාමයට අපහාසයක් සිදුව ඇති බවට ලාල්කාන්ත අමාත්‍යවරයා විසින් මීට සති දෙකකට පමණ පෙර CIDයට කළ පැමිණිල්ලක් අනුව මෙසේ අනුරාධ තෙන්නකෝන්ව ප්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇති බව සඳහන්.

“මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහුගිය දවස්වල මා විසින් යම් තොරතුරක් හෙළිදරව් කළා මට ලැබිච්ච තොරතුරු අනුව ලාල්කාන්ත අමාත්‍යවරයාගේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අද මා වෙත කැඳවීම් ලිපියක් ලැබුණා ඒකට අවශ්‍ය කට උත්තරයක් දෙන්න කියලා. ඒ නිසා තමයි මම පැමිණියේ. දැන් මේ පුදුම හදිස්සියක් තිබුණේ මාව කැඳවන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානි අබේසේකර මහත්තයා වැඩ භාරගත්ත දවසේ තමයි මහා පරිමාණ පොලිටනල් වංචාව සම්බන්ධයෙන් අපි පැමිණිලි කළේ. ප්‍රධාන පැමිණිලිකරුවා විදියට මගෙ සාක්ෂි ගත්තා, කිසිම නිලධාරියෙකුට එරෙහිව මේ වෙනකල් – අවුරුද්දක් කිට්ටු වෙන්න ආවා – කිසිදු විභාගයක් කරලා නෑ. එතකොට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තියෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවල, ගොවිජන සේවා දෙපාර්තමේන්තුවල මුදල් අවභාවිතාවන්, මුදල් අක්‍රමිකතාවයන්, සොරාකෑම් සම්බන්ධයෙන් අපි අල්ලස් කොමිසමට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා. හැබැයි ඒවා පිළිබඳව කිසිදු විමර්ශනයක් නෑ. තියෙන සම්බන්ධතා මත ඒවා යටගහලා තියෙනවා. පණිවිඩකරුවාට වෙඩිතියන එක මේ කරන්නෙ. ඒ නිසා අපි ලාල්කාන්ත අමාත්‍යවරයාට හෝ මේ ආණ්ඩුවේ අයට කියන්නෙ වක්‍රව හෝ සෘජුව සම්බන්ධ නම් දූෂණයකට, වංචාවකට, අක්‍රමිකතාවකට, කරන්න ඕනෙ පණිවිඩකරුවාට වෙඩිතියන එක නෙවෙයි, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන එක. අපිත් 88 – 89 දේශපාලනය කරපු අය. ඒ නිසා මේ සීඅයිඩී එකට දාලා, හිර ගෙවල්වල දාලා නම් අපිව මට්ටු කරන්න ලෑස්ති වෙන්න එපා”

අනුරාධ තෙන්නකෝන් මේ බව පැවසුවේ CIDයට කට උත්තරයක් ලබාදීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පස්වන ආසියා-පැසිෆික් අමාත්‍ය මණ්ඩල සමුළුව (MC-5) ඇමතූ අමාත්‍ය වෛද්‍ය නලින්ද!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : දේශගුණික අවදානම්, ආපදා...

මහ බැංකු අධිපතිගෙන් රටේ ආර්ථික ඉදිරි දැක්ම පිළිබඳව පූර්ණ තක්සේරුවක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : රටේ විදේශ සංචිත,...

නොවැම්බර් 19 දක්වා නාමල් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

හිටපු ජනාධිපති ගෝඨාභයත් අධිකරණයට එයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (28) කොළඹ කොටුව...