රූකා, අපි තව සිංදු අහමුද ? – මහේෂ් හපුගොඩ

Date:

අද රූකාන්තගේ උපන් දිනේ කියල බුකියේ තියනවා දැක්ක. ඒ හැම එකකම වගේ එයා මාර වැඩ්ඩෙක් සහ ජනප්‍රිය සංගීතේ පුරෝගාමියෙක් කියල ලියල තියෙනවත් දැක්ක.

මේ ලියන පුංචි සටහනට එයාගේ උපන් දිනේ අදාල නැහැ.

මම හිතන්නේ රූකා යම් ජනප්‍රිය ආරක් ගොඩනගන්න හැදුවත්, සිංදු කීපයක් හිට් වෙලා ගියත්, එයා මාර පුරෝගාමී වැඩ්ඩෙක් කියන එකට නම් එකඟ වෙන්න බැහැ. එහෙම පට්ට පොරක් හැටියට රූකා උඩ දමන්නේ එක්කෝ රූකා ආගමක් කරගත්ත උන් නැත්නම් මෙලෝ සංගීතයක් ඇහුවේ නැති උන්.

අඩුම තරමින් බොන් ජොවී, එරික් ක්ලැප්ටන් නැත්නම් ජෝර්ජ් මයිකල්, රිචඩ් මාක්, බ්‍රයන් ඇඩම්ස් වගේ කට්ටිය එක්ක ගත්තත් ලාංකික සංගීතයේ එයාගේ සංඥාව සනිටුහන් වෙන විදියේ ගායකයෙක් වෙන්න තවමත් එයාට බැරි උනා කියල හිතෙනවා.

යමක් පටන් ගත්ත වගේ ලකුණු නම් තියනවා. නමුත් ඒ පටන් ගත්ත දේ එක ඇල්බම් දෙකක් තුනක් එක්ක, යම් ශෛලියක් දක්වා ගමන් කලේ නැහැ කියල හිතෙනවා. අනික කොහොමත් එයාගේ එක සිංදුවක්වත් ලංකාවේ පොළොවෙන් එහාට ගමන් කළේ නැහැ. එහෙම ගමන් කරන්න තරම් සමාරම්භක දෙයක් එයාගෙන් එළියට ආවේ නැහැ.

අනික හඬ ගත්තත් ගෝලීය වෙන්න තරම් සුවිශේෂී බවක් ඒකෙ ඇත්තේ නැහැ. ඉන්ස්ටෘමන්ට් පැත්ත ගත්තත් එහෙමයි. පට්ට වාදකයෙකුත් නෙවෙයි.

දැන් ක්ලැරන්ස් ගත්තොත් එක තේමාවක් යටතට ගන්න පුළුවන් නිර්මාණ ගොඩක් එයා කරලා තියනවා. එක සංගීත ආරක ඉඳිමින් (පොප්, කැලිප්සෝ, කන්ට්‍රි) ගමේ ලස්සන, නොස්ටැල්ජියාව, ආදරය සහ සතුට පදනම් කරගත්ත ගීත සිය ගණනක් එයාගේ නමින් තියනවා. එයා ඒ දේවල්වලින් ගොඩක් ඈත් උනේ නැහැ. (අපි එකඟද නැද්ද කියන එක නෙවේ එතන ප්‍රශ්නේ)

රූකා ‘බඹර පහස’ (අනුරාගය) කියල ‘ලඳේ මුලාවී’ (වැරදුණ උන්ට එන්න එපා) කියනවා. ‘ඉඳුනිල් ගගුලැල්’ කියල අම්ම ගැන කියනවා. ‘අම්ම’ ගැන කියල ‘මිදුලේ අතන නංගෝ’ කියනවා. ‘අන්ඥ මුන්ඥ’ කියල ‘දිගන්තයේ’ කියනවා. නටන්න ඕනි නිසා බයිලා ටයිප් ‘උළත් එකයි පිළත් එකයි’ කිව්වා. එතනින් ගමන ඉවරයි කියල හිතෙනවා.

තේමා අතරවත් විනයක් නැහැ. ප්‍රධාන දේශපාලන ප්‍රශ්නේ ඒක. අවම වශයෙන් ලෞකික තේමාවල.

රූකා අනුරාගය කියන තේමාවේවත් හරියට හිටියේ නැහැ. අනුරාගය ඔස්සේ ගියාම වැරදෙනවා තමයි. උන්ට ආයේ එන්න එපා කියන එක තේරුමක් නැති කතාවක්. එයා අම්ම ළඟ හිටියෙත් නැහැ. ඔය කියන සදාචාරය ඇතුලේ හිටියෙත් නැහැ. (එහෙම ඉන්න ඕනි කියනවා නෙවෙයි) දිගන්තයේ අනන්තය වෙත මින්ස්සු එක්කරගෙන ගියෙත් නැහැ. අන්තිමට මුකුත් නැහැ.

සංකේත බලය පාවිච්චි කරලා යූඑන්පී එකෙන් චන්දෙ ඉල්ලුව එක විතරයි උනේ. ඒකත් පැරදියි.

මට රූකා කියන ලාංකික සංගීත අනන්‍යතාවක් ගැන තවමත් හිතාගන්න බැහැ. එයා තව ලෝක ගෝලයේ සිංදු ආසාවෙන් ඇහුව නම් හොඳයි කියල හිතෙනවා. අවම වශයෙන් එයාගේ යුගයේ ගෝලීය සංගීතයේ තිබ්බ සුපර් හිට්…

තවත් එයාට කාලය තියන නිසා සහ පොඩි ලව් එකක් තවමත් තියන නිසයි එහෙම ලිව්වේ.

Bon Joviගෙ මේකත් අහන්න.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...