ග්ලයිපොසේට් ආනයනයට රාජ්‍ය මුදල් කාරක සභාවේත් අනුමැතිය – ගැසට් පත්‍රය හෙට පාර්ලිමේන්තුවට

වැවිලි කටයුතු සඳහා වල්නාශකයක් ලෙස භාවිතා කරන ග්ලයිපොසේට් ආනයනය කිරීම සඳහා අවසර ලබාදෙමින් ආනයන හා අපනයන පාලකවරයා විසින් පනවල ලද රෙගුලාසි සඳහා රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. කාරක සභාවේ සභාපති, ආචාර්ය හර්ෂ ද සිල්ව මහතා ඇතුළු කාරක සභා සාමාජිකයන් විසින් සිදුකළ දීර්ඝ සාකච්ඡාවකින් පසුව අදාල අනුමැතිය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

සභාපතිවරයා පවසන්නේ කොන්දේසි සහිතව මෙම අනුමැතිය ලබාදුන් බවයි.

මෙම රෙගුලාසි ඇතුළත් අංක 2229/44 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය හෙට පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවීමෙන් පසුව පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාගේ නිර්දේශ යටතේ ග්ලයිෆොසේට් ආනයනය කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම සිදුවනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැතිවරණ පරාජයත් සමඟ ෆ්ලේවියෝ බොල්සොනාරෝ ඇමරිකාවට පලා යයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : බ්‍රසීල...

ස්පාඤ්ඤයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 30ජීවිතක්ෂයට; 80 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : ස්පාඤ්ඤයේ...

ඊශ්‍රායල් මැතිවරණයේ නෙතන්යාහු සහ අයිසන්කොට්ගේ කණ්ඩායම් දෙකටම පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවන ලකුණු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 28 : 2026...

BMW නඩුවට ජොනී වරද පිළිගනී. දඬුවම් නියම කිරීම නොවැම්බර් 11

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද BMW වර්ගයේ අධිසුඛෝපහෝගී...