සටහන – රුවන් නෙළුගොල්ල
ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් සමාගම සිය ගෑස් මිල ගණන් ඉහළ නංවා තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 6,245ක් වේ.
එසේම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 220කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 2,500ක් වන බවයි ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කර ඇත්තේ.


