අතීතය සිහිනයක් පමණයි! සැබෑ සුවඳක් නෑ…. අවසරයි අපෙ හාන්දුරුවනේ!

සටහන – රත්නපාල ගමගේ 
මැයි 07, ස්විට්සර්ලන්තය (LNW) :
ජය ශ්‍රී මහ බෝධීන්වහන්සේ ඇතුලු අටමස්ථානයේ අධිපතිධූරය දරණ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් මේ වන විට බරපතල අපරාධමය චෝදනාවකට ලක්ව තිබේ. එය ස්ත්‍රී  දූෂණ චෝදනාවකි. එයත් බාලවයස්කාර දැරිවියක් දූෂණයට ලක් කිරීම සම්බන්දව නීතිය අනුව නම් පොලීසියට පැමිණිල්ලක්ලැබුණු විගස මූලික විමර්ශන  වලින් කරුණු තහවුරුවන්නේ නම් චූදිතයා අත්තඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඉතිරි විමර්ශන කලයුතුය. එහෙත් මේ වන තෙක් පල්ලේගම හේමරතන හිමි සම්බන්ධයෙන් එවැන්නක් සිදුවී නොමැත. උන්වහන්සේ සිද්ධියේ සැබෑම චූදිතයා යයිදයන්න අපි නොදනිමු. කෙසේ වුවත් සැබෑම චූදිතයා හෙලිවන තෙක්නොයෙකුත් නින්දා අපහාස අලාභයන් විදගෙන සිටීමට උන්වහන්සේටසිදුවීම වැලැක්විය හැකි ජගතෙක් මිහිපිට නොමැත. බුදුන් දවසත්එසේමය. දිනක් බුදුන් වහන්සේ දෙව්රම් වෙහෙර භික්ෂුන්වහන්සේලාටධර්ම කරුණු පැහැදිලි කර දෙමින් සිටියදී චිංචිමානවිකාව නම් වූගැහැණියක් කුසෙහි දර මිටි තබා රෙදි වලින් ඔතා දරු ගැබක් ලෙසට සරසා දෙව්රම් වෙහෙරට පැමිණ කෑගසන්නට වූවාය. බුදුන්වහන්සේ නිසා ඇය ගැබ් ගෙන ඇති බවට චෝදනා කරමින් දෙව්රම් වෙහෙර දෙවනත්කරද්දී භික්ෂුන්වහන්සේලා තුශ්නිම්භූතව බලා සිටියහ. බුදුන් වහන්සේද කිසිත් නොපවසා ඉවසා වැදෑරූහ. විනාඩි ගණනකින් පුවත මුලු ප්‍රදේශයපුරාම පැතිර ගියහ. ශක්‍ර දේවේන්ද්‍රයා මීයකුගේ වෙස්ගෙන ඇගේ දරමිටි වල බැමි කපා බිම හෙලූ බවටත් ඉන්පසු මෙම සිද්ධිය බොරුවක්බවටත් හෙලිදරව්විය. එහෙත් අද ශක්‍ර දේවේන්ද්‍රයා නිහඩය. හේමරතන හිමියන් නීතීඥයින් යොදවා චෝදනාව අසත්‍ය බව ඔප්පු කරනොගතහොත් තත්වය බරපතලය. අවසානයේ නවතින්නට සිදුවන්නේ සිරමැදිරියකය. 

අටමස්ථානයට අයත් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ භාරකාරත්වය උසුලන්නේ හේමරතන හිමියන්ය. පසුගිය කාලයේ ජය ශ්‍රීමහ බෝ සමිඳුගෙ ආවතේවයන් භාරව සිටින ප්‍රධාන කපු මහතා දඩමස් ශීතකරණයක් තුල තබාගෙන සිටියදී වන්ජීවි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය. පසුව ඔහුගේ නිවසේ තිබූ සේප්පුව පරීක්ෂා කිරීමේදී රුපියල් කෝටියට ආසන්න මුදල් සහ රත්රන් මාල විශාල ප්‍රමාණයක්අත්තඩංගුවට ගත්හ. එම සිද්ධියේ දී ප්‍රධාන කපු මහතා වනජීවී නිලධාරීන්ට කියා සිටියේ එකී දඩ මස්  මිලදී ගත් ඒවා බවත් අටමස්ථානාධිපති හිමියන්ගේ රෝගාබාධයක් වෙනුවෙන් දානය පිළියෙල කර දීමට ශීතකරණයේ තබාගත් බවත්ය. මෙම සිදුවීම පාරාවළල්ලක් ලෙස හේමරතන හිමියන් පසුපස ලුහුබැන්දාදැයි නොදනිමි. මක් නිසාද යත් ශ්‍රී මහා බෝධීන් වහන්සේ එතරම් බලසම්පන්න නිසාය. කිසිදු හතුරු බලවේගයකට ශ්‍රී මහා බෝධීන් වහන්සේ හෝ එකී නාමය විනාශ කිරීමට මෙතෙක් හැකිවී නොමැත. එනිසා හේමරතන හිමියන්ට අටලෝදහම පසුපස ගමන්කරන්නේ නම් තමන්ගේ පැවිදි දිවිය සකසා ගත හැකිවනු ඇත. 

පසු කාලයක බුදුන්වහන්සේගෙන් එදා දෙව්රම් වෙහෙරේදී සිදුවූ සිද්ධියගැන එක්තරා භික්ෂූන් වහන්සේ නමක් විමසූ අවස්ථාවේදී ඊට පිළිතුරුදුන් බුදුන් වහන්සේ පෙර කළ අකුසල කර්මයක් පළදීම සිදුවූ බවත් තමන්වහන්සේ බුද්ධත්වයට පත්ව වී සිටිය දී වුවත් කර්මයක් පළදීම වැළැක්විය නොහැකි බවත් වදාළ සේක. හේමරතන හිමියන් අටමස්ථානාධිපති ධුරය වැනි ගරු ගාම්භීර තනතුරක් ඉසිළුවද වර්තමානයේ විඳීමට සිදුවී ඇති නින්දා අපහාසයන්ට හේතුව පෙර කළ අකුසල කර්මයක් පළදෙන අවස්ථාවක් විය යුතු යැයි හැගේ. අනවශ්‍ය මිනිසුන් ඇසුරු කිරීමට යෑමෙන් තමුන්ගේ පදවියේ ගෞරවය ආරක්ෂා  කර ගැනීමට නොහැකිවීම නිසා මෙවැනි චෝදනාවන්ට ගොදුරු වීම වැළැක්විය නොහැකිය. දැන් එය සිදුවී හමාරය. මෙම චෝදනාවලින් ගැලවීමද දුෂ්කරය. 

ඔබවහන්සේගේ භාරකාරත්වයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගිලිහීගොස් ඇතැයි සිතෙයි. දැන් ඔබ වහන්සේට ඔබවහන්සේගේ නිර්දෝෂී භාවය ඔප්පු කර ගත හැකි දෙවොළ වන්නේ ගරු අධිකරණයයි. ඉන් එහා සුගතියක් නොමැත. ඔබ වහන්සේගේ ම වචන වලින් කියතොත් 

*අතීතය සිහිනයක්මය සැබෑ සුවඳක් නෑ…

එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියොවක් නෑ…* යනුවෙන් දැක්විය හැකිය.

දැන් සිදුවී ඇත්තේත් එයමය. අනවශ්‍ය සෙනෙහසේ බැඳීම නිසා වර්තමානයේ වියෝවන්නට තුඩුදී ඇති බවත් අතීත සිහිනවල සැබෑ සුවඳක් නැති බවත් හේමරතන හිමියන් දැන්වත් වටහා ගන්නේ නම් තමන්වහන්සේගේ සසර ගමන කෙටි කර ගැනීමට එය මහත් සේ උපකාරීවනු නොඅනු මානය.

එමෙන්ම මෙම සිදුවීම අනෙකුත් සංඝයාවහන්සේලාටත් කාලීනව ඉගැන්වූ පාඩමක් බව වටහා ගන්නේ නම් සංඝ ශාසනයේ නිර්මල පැවැත්ම රැක ගැනීමට මනා පිටිවහලක් වනු නොඅනු මානය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...