සටහන: සශිකලා මධුෂාණි
මැයි 13; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීන ජනාධිපති ෂි ජින්පින් සමඟ සාකච්ජාවක් සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අද(13) බීජිං වෙත පැමිණීමට නියමිතය.
මෙම සංචාරය දශකයකට ආසන්න කාලයකදී ඇමරිකානු ජනාධිපතිවරයෙකු විසින් සිදු කරන ලද පළමු අවස්ථාව ලෙස සැලකේ,
ජනාධිපතිවරයාගේ බීජිං නිල සංචාරයට එක්වන අය අතර ඇපල් සමාගමේ ටිම් කුක්, ටෙස්ලා සහ ස්පේස්එක්ස් සමාගමේ එලොන් මස්ක්, බ්ලැක්රොක් සමාගමේ ලැරී ෆින්ක් මෙන්ම මෙටා, වීසා, ජේපී මෝගන්, බෝයිං, කාර්ගිල් සහ තවත් බොහෝ සමාගම්වල විධායකයින් 17 දෙනෙකු ඇතුලත් වේ.
මෙම සංචාරයේදී රාජ්ය නායකයන් දෙදෙනා අතර සාකච්ජා වන කරුණු අතර තායිවානය සහ වෙළඳාම න්යාය පත්රයේ ඉහළින්ම ඇති අතර චීනයේ ස්වයං පාලන දූපතට ආයුධ විකිණීමේ එක්සත් ජනපද සැලසුම් පිළිබඳව චීනය අප්රසාදය පළ කරන බැවින් තායිවානයේ තත්ත්වය ද ප්රධාන මාතෘකාවක් බව පෙනේ.
ට්රම්ප් සඳුදා(11) වාර්තාකරුවන්ට පැවසුවේ එක්සත් ජනපද පරිපාලනය දෙසැම්බර් මාසයේදී අවසර දුන් නමුත් තවමත් ඉටු කිරීමට පටන් ගෙන නොමැති තායිවානය සඳහා ඩොලර් බිලියන 11 ක ආයුධ පැකේජයක් පිළිබඳව ෂී සමඟ සාකච්ඡා කරන බවයි.
ලොව ප්රමුඛතම චිප් නිෂ්පාදකයෙකු ලෙස තායිවානය AI සංවර්ධනය සඳහා අත්යවශ්ය වී ඇති අතර, මේ වසරේ මේ දක්වා එක්සත් ජනපදය චීනයට වඩා තායිවානයෙන් වැඩි භාණ්ඩ ආනයනය කර ඇත.
මිට අමතරව ඉරානය සමඟ යුද්ධයත්, හොමුස් සමුද්ර සන්ධිය නිදහස් කර ගැනීමත්, රුසියාව හා ඇමරිකාව එක්ව චීනය සමඟ න්යෂ්ටික අවි ගිවිසුමක් අත්සන් කිරීමත් සකච්ජාවන ප්රධාන කරුණු වශයෙන් ජාත්යන්තර මාධ්ය වාර්තා කර තිබේ.

