ආශිකා බ්රාහ්මණ
කොළඹ LNW:ඕනෑම රජයක් තමන්ගේ බලාපොරොත්තු සුන් වෙද්දී, තමන්ගේ නොහැකියාව ගැන අවබෝධ වෙද්දී අභ්යන්තර මතභේද වැඩිවෙද්දී අත තබන තැන අධිකරණය බව හිටපු අමාත්යවරයෙක් වන රාජිත සේනාරත්න පවසයි.
රටක විධායකයට හෝ ව්යවස්ථාදායකයට අධිකරණයට බලපෑම් කළ නොහැකි බවයි ඔහු සඳහන් කරන්නේ.
” ඕනෑම රජයක් තමන්ගේ බලපොරෝත්තු සියල්ල සුන්වෙනකොට තමන්ගේ නොහැකියාව පිළිබඳ අවබෝධවෙනොට සියලුම වැඩකටයුතු අසාර්ථක වෙනකොට තම තමන් අතර මතභේද ඇතිවෙලා මහවිශාල ප්රශ්නයකට මුහුණ දෙනකොට අවසානයේ අත තියන තැන තමයි අධිකරණය. තමුන්නාන්සේලා දන්නවා මේ රටේ ව්යවස්ථාව සහ මේ රට තිබෙන්නේ කුළුණු තුනක් උඩ. ව්යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය. ඒකෙන් විධයකයටවත් බැහැ අධිකරණයට අත තියන්න. ව්යවස්ථාදායකයටවත් බැහැ අධිකරණ තීන්දු ගැන ක්රියාකරන්න. එතකොට අද මැයි දින වේදිකාවේදී රටේ ජනාධිපතිවරයා නඩු තීන්දු කියවනකොට තීන්දුව එන්න කලින් එහෙමන් නම් මේ රට විතරක් නෙවෙයි මේ ලෝකයේ සියලුම අනෙකුත් ජාත්යන්තරය පවා මවිතයකට පත්වෙනවා මේ මොන තැනකටද රට වැටිලා තියෙන්නේ කියල. අධිකරණය පාච්චල් කරලා අධිකරණය අවභාවිතා කරන රටක ඒ රටකට සාමාන්යයෙන් කියන තමයි බනානා රිපබ්ලික් කියලා. රටක නීතියක් නැති වෙනකොට බනානා රිපබ්ලික් එකක් විදිහට තමයි හදුනා ගන්නේ.” යනුවෙන් පවසයි.
රාජිත සේනාරත්න මහතා මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (12) කොළඹදී පැවති විපක්ෂයේ මාධ්ය හමුවේදීය.


