ලක්ෂ 12ට කාර් දෙන්න ආපු අය නැවතුන තැන!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:විට්ස් කාර් එකක් ලක්ෂ 12කට ලබා දෙන බවට වත්මන් රජයේ මැති ඇමතිවරු පසුගිය මැතිවරණ සමයේ පොරොන්දු වුවත් අද වන විට වාහන මත අමතර 50%ක බද්දක් පැනවීමට රජය කටයුතු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ බදු පැනවීම නිසා වාහනවල මිල ඉහළ නොයන බවට මුදල් නියෝජ්‍ය ඇමතිවරයා කියා සිටින නමුත් දැන්වත් මේ විහිළු සහගත කතා රටට ඉදිරිපත් නොකර ජනතාවගේ පැත්තෙන් ආර්ථිකය විධිමත් ලෙස කළමනාකරණය කිරීමට කටයුතු කළ යුතු බවයි විපක්ෂ නායකයා සඳහන් කරන්නේ.

ඒ අනුව මෙහි වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ සහ රජයේ මන්ත්‍රීවරුන් 159 දෙනාගත යුතු බවද විපක්ෂ නායකයා කියාසිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (16) තිස්සමහාරාම වීරවිල පන්නෙගමුවේ දියබැදි විහාරයේ දී අංජලීපව්ව රජාමහා විහාරය, පන්නගමුව දියබැදි විහාරය,අකුරුගොඩ ශ්‍රී මංගලාරාම යන විහාරයන්හි විහාරාධිපති ලෙස කටයුතු කරන සිරි සුනන්ද වංශාවතංස සද්ධර්ම කීර්ති ශ්‍රී රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මාගම මහානාම ස්වාමීන් වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

වාර්තගත ලෙස රුපියල අවප්‍රමණය වෙමින් රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ශීඝ්‍රගාමී ලෙස පහත වැටෙමින් පවතින බවත් මේ රුපියල අවප්‍රමාණය වීම තුළ අනිවාර්යෙන්ම උද්ධමනය වැඩි වී, බඩු මිල වැඩි වී වියදම් හා පිරිවැය වැඩි වී සමස්ත ජන ජීවිතය කඩා වැටෙමින් තිබෙන බව ප්‍රේමදාස මහතා තවදුරටත් පවසයි.

රුපියල අවප්‍රමාණය වීම වළක්වා ගැනිමට නම් අපනයන ආදායම වර්ධනය කර ගැනීමටත් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත් රටට ලැබෙන විදේශ ප්‍රේෂණ වර්ධනය කර ගන්නවා සේම සෘජු විදේශ ආයෝජන වර්ධනය කර ගත යුතු බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

මේ අතර වත්මන් ජනාධිපතිවරයා, මුදල් ඇමතිවරයා සහ රජය ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ ආර්ථික විද්‍යාව ගැන මූලික අවබෝධයක් හෝ දැනුමක් නොමැති බවත් දවසින් දවස වැරදි ආර්ථික තීන්දු තීරණ ගැනිම නිසා අප රටේ ජනතාවට විශාල හානියක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : ඇමෙරිකාවේ ෆ්ලොරිඩා...

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...