මාලිමා මන්ත්‍රීවරයකු ගිය කැබ් රථය ත්‍රීරෝද රථයක හැපෙයි. දරුවෙකු ඇතුළු දෙදෙනෙක් රෝහලට

ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මහතා ගමන්ගත් කැබ් රථය අද (17) දහවල් 02.00 ට පමණ හිනිදුම, හබරකඩ, දුංහේන ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

එහිදී ත්‍රීරෝද රථ රියදුරා සහ ඔහුගේ 8 හැවිරිදි පිරිමි දරුවා තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

අනතුරට ලක්වූ කැබ් රථය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය යටතේ ලියාපදිංචි කර ඇති එකකි. එය ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයේ ගැටී මීටර් 50ක පමණ දුරක් ඇදී ගොස් නැවතී බවත් වාර්තා විය.

කැබ් රථයේ රියදුරා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර කැබ් රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්බර බන්ධනාගාරයේ වෙඩිතැබීමක්. පළායාමට තැත් කළ රැඳවියෙක් මරුට !

පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළායාමට තැත් කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියකු...

ඉන්ධන මිල වැඩි කෙරේ !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...