රෂිකා හෙන්නායක මැයි 17 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
නේපාල ජාතික පලපුරුදු කඳු නගින්නන් දෙපළක් වන කාමි රීටා ෂර්පා සහ ලක්පා ෂර්පා ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද තරණය කරමින් තැබූ නව ලෝක වාර්තා පිළිබඳව වාර්තා වේ.
එහිදී කාමි රීටා තම 32 වන තරණයත්, ලක්පා තම 11 වන තරණයත් සාර්ථකව නිම කරමින් පිළිවෙළින් පිරිමි සහ කාන්තා අංශවලින් වැඩිම වාර ගණනක් කඳු මුදුනට පිවිසි පුද්ගලයන් බවට පත්ව ඇත.
කඳු නැගීමේ ක්ෂේත්රය වර්තමානය වන විට ලාභදායී ව්‍යාපාරයක් බවට පත්ව ඇති අතර, මේ වසරේදී වාර්තාගත සංචාරකයින් පිරිසකට ඒ සඳහා අවසර පත්‍ර නිකුත් කර තිබේ.
කෙසේ වෙතත්, කඳු නගින්නන් විශාල වශයෙන් එක්රැස් වීම හේතුවෙන් එවරස්ට් කඳු මුදුනේ ඇති විය හැකි අධික තදබදය පිළිබඳව බලධාරීන් සිය අවධානය යොමු කර ඇත.
මෙම වාර්තාගත ජයග්‍රහණ නේපාලයේ කඳු නැගීමේ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකෙන අතර එය සෙසු කඳු නගින්නන් දිරිමත් කිරීමට හේතු වේ.



