මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ විදෙස් ගමන් තහනම් කර, ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය භාරයට ගතයුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
ශ්‍රී ලංකාව බංකොලොත් රාජ්‍යයක් යැයි ප්‍රකාශයට පත්කිරීමේ සිට රටේ ආර්ථිකයකට අහිතකර ක්‍රියාවන් ගණනාවක් සිදුකළ, විවිධ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී ඇති නන්දලාල් වීරසිංහ මහතා ඉදිරි ආර්ථික අර්බුදයක් හමුවේ රටින් පළාගොස් ඕස්ට්‍රේලියාවට යාමේ අවදානමක් ඇති බැවින් ඊට පෙර මෙසේ ඔහුගේ විදෙස් ගමන් තහනම් කළයුතු බවයි වීරවංශ මහතා සඳහන් කළේ.
විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ “වීර වන්දනාමාන” මැයෙන් ඊයේ (18) කොළඹ, ලක්ෂ්මන් කදිරගාමර් සමරු ශාලාවේ දී පැවැත්වුණු රණවිරු සමරු වැඩසටහන අමතමිනි.


