සටහන: සශිකලා මධුෂාණි
මැයි 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මැද පෙරදිග යුද්ධය නිශ්චිතවම අවසන් කිරීම සඳහා ඉරානය විසින් නව යෝජනාවක් ඉදිරිපත් කිරීම හේතුවෙන් සැළසුම් කළ හමුදා ප්‍රහාර කල් දැමු බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
මෙම නව යෝජනාව සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවන අතර ජනාධිපති ට්‍රම්ප් විසින් ඊයේ(18)දිනයේදී ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවේ පල කරන ලද සඳහනකට අනුව ප්‍රකාශ කර තිබුණේ, හෙට පැවැත්වීමට නියමිතව තිබූ ඉරානයට අපගේ සැලසුම් කළ මිලිටරි ප්‍රහාරය නවත්වන්න කියා ගල්ෆ් රටවල් කිහිපයක නායකයින් තමාගෙන් ඉල්ලා සිටි බවත්, දැන් එහි බරපතල සාකච්ඡා සිදුවෙමින් පවතින බවත්ය.
ඇමරිකා එක්සත් ජනපදය හා ඊශ්‍රායලය පෙබරවාරි 28 සිට ඉරානයට එරෙහි හමුදා ප්‍රහාර දියත් කළ අතර පාකිස්ථානයේ මැදිහත්වීම මත මැයි 9වන දින සටන් විරාමයකට එළඹිණි. මේවන ඇණහිට ඇති සාකච්ඡාවල ඉදිරි ගමනක් නොමැති අතර ඇමරිකානු-ඊශ්‍රායල ගුවන් ප්‍රහාර නතර වී ඇත.
ඉරානය සිය පළිගැනීම් මෙහෙයුම් අඩු කර ඇතත්, ඉරානයේ සිට ඇමරිකානු හමුදා කඳවුරු පවත්වාගෙන යන ගල්ෆ් රටවල් දෙසට ඩ්‍රෝන යානා දියත් කර ඇත.

