රාජ්‍ය ආයතනවල ප්ලාස්ටික් භාවිතය තහනම් කිරීමේ නව චක්‍රලේඛයක්!

රෂිකා හෙන්නායක මැයි 19, කොළඹ LNW :

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන තුළ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය විධිමත් කිරීම සඳහා නිකුත් කරන ලද නව රජයේ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, මැයි මස 31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් ජල බෝතල් මිලදී ගැනීම සහ භාවිත කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.

ආයතන ප්‍රධානීන් විසින් මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට පියවර ගත යුතු අතර, පරිසරය සුරැකීම සඳහා අවම කිරීම, නැවත භාවිතය සහ ප්‍රතිචක්‍රීකරණය යන “ත්‍රී ආර්” (3R) සංකල්පය අනුගමනය කිරීම අනිවාර්ය වේ.

මෙම නව නියෝගය මගින් රාජ්‍ය අංශයේ පාරිසරික වගකීම ඉහළ නැංවීමටත්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් සිදුවන පරිසර දූෂණය පාලනය කිරීමටත් අපේක්ෂා කෙරේ.

පරිසර අමාත්‍යාංශයේ එකඟතාවය ඇතිව නිකුත් කර ඇති මෙම උපදෙස් මාලාව මගින් රාජ්‍ය පරිපාලන ව්‍යුහය තුළ තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ සංස්කෘතියක් ඇති කිරීමට උත්සාහ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කහඳගම අපේ කෙනෙක් නෙවෙයි. අහන්න වාසුදේවගෙන් – පොහොට්ටු ලේකම්

සටහන - රුවන් නෙළුගොල්ල අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත්වූ කොළඹ...

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...