ආර්ථික ඝාතක චෝදනාවලින් රාණි ජයමහටත් ගැලවිල්ලක් නැහැ !

Date:

ශ්‍රී ලංකා මහ බැංකුවේ රැස්වීම් සඳහා සහභාගීවීම වෙනුවෙන් විශාල මුදලක් දීමනාවක් ලෙස ලබාගෙන ඇති මුදල් මණ්ඩල සාමාජික රාණි ජයමහ ට  වත්මන් ආර්ථික අර්බුදය සඳහා තමන්ගේ කිසිඳු මැදිහත්වීමක්

නැතැයි පවසා එකී චෝදනාවලින් ගැලවීමට කිසිඳු සදාචාරාත්ම අයිතියක් නැතැයි
මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

සිය අනන්‍යතාවය හෙළි නොකරන්නැයි ඉල්ලා සිටිමින් ඔහු එබව පැවසුයේ, පසුගිය මැයි මස 25 දා පැවති පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (කෝප් කමිටුව) දී රාණි ජයමහ විසින් සිදුකල ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. ඒ සම්බන්ධයෙන් වූ ලිපි ලේඛණ කිහිපයක් ද ඔහු විසින් ලබාදෙනු ලැබිය.

පසුගිය කාලය තුළ විනිමය අනුපාතිකය ආයාසයකින් යුතුව රඳවා තබා ගැනීම නිසා විශාල මුදලක් අහිමි වීම පිළිබදව සමාජයේ පවතින මතය ගැන මැයි 25 පැවති කෝප් කමිටුවේ දී විමසන ලදී.

මේ පිළිබඳ බලය ඇත්තේ, මුදල් මණ්ඩලයට බව මහ බැංකු අධිපතිවරයා එහිදී පැවසූ අතර එවකට මුදල් මණ්ඩල සාමාජිකාවක වූ ආචාර්ය රාණි ජයමහ  පැවසුවේ, මහ බැංකු සංචිත යොදා ගනිමින් මෙම විනිමය අනුපාතය ආයාසයෙන් රඳවා තබා ගැනීමට දැඩි ලෙස විරුද්ධ වෙමින් තමා සහ හිටපු මුදල් මණ්ඩල සාමාජික සංජීව ජයවර්ධන එය ලිඛිතව දැනුම් දුන් බව ය.

නමුත් මුදල් මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුගේ මතය අනුව විනිමය අනුපාතිකය එක ම අගයක රදවා තබා ගැනීම සිදුවූ බවත් එවකට මහ බැංකු අධිපතිවරයා වූ මහාචාර්ය ඩබ්.ඩී ලක්ෂ්මන්, භාණ්ඩාගාරයේ එවකට හිටපු ලේකම්වරයා සහ පත්කරන ලද සාමාජික සමන්ත කුමාරසිංහ යන මහත්වරුන්ගේ අභිමතය පරිදි මෙය සිදුවූ බවත් මෙහිදී අනාවරණය විය.

බාහිර පාර්ශවවල බලපෑමෙන් තොරව නිවැරදි තාක්ෂණික කරුණු මත පිහිටා තීන්දු තීරණ ගැනීමේ බලය මහ බැංකුව වෙත ලබා දීමේ අවශ්‍යතාව මෙහිදී කෝප් කමිටුව විසින් අවධාරණය කරන ලදී.


වත්මන් ආර්ථික අර්බුදය සඳහා හේතු සාධක මෙන් ම ඊට අදාළව සිය වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධව පරීක්ෂණය කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (කෝප් කමිටුව) එවකට සභාපති මහාචාර්ය චරිත හේරත් එදින (මැයි 25) නිර්දේශ කළේ ය.



රටේ විනිමය අර්බුදයකට හේතුවූ රුපියල පා කිරීම වැනි තීන්දු තීරණ වලට තමාගේ කිසිඳු දායකත්වයක් නැති බව කියන ආචාර්ය රානී ජයමහ, මහ බැංකුවේ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන ප්‍රවීන ආර්ථික විශේෂඥවරියෙකි.

ආචාර්ය රානී ජයමහ සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මුදල් මණ්ඩල සාමාජිකත්වයට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුවේ හි මුදල් මණ්ඩල අනු කමිටුවලද මුලිකත්ව ගෙන කටයුතු කර තිබේ.  

2020-01-01 සිට 2022-06-30 දක්වා කාලය තුළදී ශ්‍රී ලංකා මහ බැංකුවේ රැස්වීම් සඳහා සහභාගීවීම වෙනුවෙන් ආචාර්ය රාණි ජයමහ රුපියල් 3,225,000.00 ක මුදලක් ලබාගෙන ඇතිබව ද අනාවරණය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ එක් එක් සාමාජිකයින්ට මුදල් මණ්ඩල රැස්වීම් සඳහා සහභාගීවීම වෙනුවෙන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හි මුදල් මණ්ඩල අනු කමිටු සඳහා සහභාගීවීම වෙනුවෙන් 2020-01-01 සිට 2022-06-30 දක්වා කාලය තුලදී කරන ලද ගෙවීම් පිලිබඳ සටහන පහත පළවේ.


bank123 20

THE LEADER

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩෙංගු නිසා රටම අවදානම්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : දිගින් දිගටම...

අද (13) දවසේ කාලගුණය:වැසි වාර කිහිපයක්

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : උතුරු, උතුරු-මැද, නැගෙනහිර,...

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...