සටහන – රුවන් නෙළුගොල්ල
කලකට පසු ඊයේ (25) දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් වාර්තා වී තිබිණි.
ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,364.77ක් හා S&P SL20 දර්ශකය ඒකක 6,179.10ක් දක්වා ඉහළ ගොස් තිබුණේ සියලු කොටස් මිල දර්ශකය දිනය තුළ ඒකක 435.13ක වර්ධනයක් සහ S&P SL20 දර්ශකය ඒකක 118.08ක වර්ධනයක් අත්පත් කරගනිමිනි.
එසේම ඊයේ දිනයේදී රු. බිලියන 2.42ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.39ක් හා දේශීය විකිණුම් රු. බිලියන 2.37ක් සටහන්ව තිබිණි. විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 27ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 51ක් ලෙසින් වාර්තා වී තිබුණි.
එමෙන්ම ඊයේ දිනයේ දී සමස්ත කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්රාග්ධනීකරණ වටිනාකම රු. ට්රිලියන 8 සීමාව ඉක්මවා ගොස් තිබීම විශේෂත්වයකි.



