ඖෂධ හිගයෙන් ජනතාව පීඩා විඳිද්දී සිය සෞඛ්‍ය රක්ෂණය පස් ගුණයකින් ඉහළ දමන්නැයි මන්ත්‍රීවරු ඉල්ලලා !

0
308
Sri Lankan President Gotabaya Rajapaksa delivers his speech laying out the policies of his new government, after ceremonially opening the new session of parliament, in Colombo, Sri Lanka January 3, 2020. REUTERS/Dinuka Liyanawatte - RC278E9K95XN

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට හිමි රුපියල් ලක්ෂ 02 ක වෛද්‍ය රක්ෂණය රුපියල් මිලියනයක් දක්වා ඉහළ දමන්නැයි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ. පසුගියදා රැස් වූ පාර්ලිමේන්තුව ගෘහ්‍ය කාරක සභාව වෙත මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති බවයි අනාවරණය වන්නේ.

දැනට හිමි ලක්ෂ 02 ක රක්ෂණය වෙනුවෙන් රජය රුපියල් 80,000 ක මූලික මුදලක් වැය කරන අතර රක්ෂණ වටිනාකම මිලියනයක් දක්වා ඉහළ දැමීමට තීරණය කළහොත් ඒ සඳහා රජයට එක් මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් අමතර රුපියල් 130,000 කට ආසන්න මුදලක් වැය කිරීමට සිදු වේ.

මේ වනවිට මෙරට සෞඛ්‍ය සේවය දැඩි අර්බුදයකට ගොස් තිබෙන්නේ රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග පවා සපයා ගත නොහැකි වීම හේතුවෙනි. ජීවිතයත් මරණයත් අතර සටනක පසුවන පිළිකා රෝගීන්, හෘද රෝගීන්, වකුගඩු රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ වර්ගවල පවා දැඩි හිගයක් පවතී.

ඖෂධ නොමැතිව රටේ බහුතර සාමාන්‍ය ජනතාව ජීවිත අවදානමකට මුහුණ දී සිටින අවස්ථාවක මහජන නියෝජිතයන් මෙලෙස සිය පහසුකම් පමණක් ඉහළ දමා ගැනීමට යෝජනා කිරීමම බරපතල ගැටලුවකි.

රටේ පවතින ආර්ථික තත්වය හේතුවෙන් මෙම යෝජනාව පිළිබඳව සලකා බැලීම මාස කිහිපයක් ප්‍රමාද කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇති බවද වාර්තා වේ.

UN