තරුෂි අභිෂේකා ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩාවෙන් රන් පදක්කමක් දිනයි!

රෂිකා හෙන්නායක මැයි 28, කොළඹ LNW :

හොංකොංහි පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයග්‍රහණක් ලබා ඇත.

ඒ, කාන්තා මීටර් 1500 ඉසව්ව නියෝජනය කළ තරුෂි අභිෂේකා විශිෂ්ට දක්ෂතාවක් දක්වමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වී ඇත.

ඇය මෙම ජයග්‍රහණය වාර්තා කළේ ඉරාන සහ කොරියානු ක්‍රීඩිකාවන් පරාජය කරමින් මිනිත්තු 4යි තත්පර 31ක පමණ කාලයකිනි.

මීට අමතරව, පිරිමි මීටර් 3000 ඉසව්ව සඳහා සහභාගී වූ විදූෂාන් රාජේන්ද්‍රන් හයවන ස්ථානය දිනාගත් බව මෙහි සඳහන් වේ.

සමස්තයක් ලෙස මෙමගින් ජාත්‍යන්තර මට්ටමේදී තරුණ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතු දක්ෂතාවන් මැනවින් පිළිඹිබු කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩේසි ආච්චි නඩුවෙන් නිදහස් !

සටහන - රුවන් නෙළුගොල්ල මුදල් විශුද්ධිකරණ චෝදනාවකට ලක්ව සිටි යෝෂිත...

ශ්‍රී ලංකා ගුවන් සේවය Raid Amazones පිළිගනී!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: ශ්‍රී ලංකා ගුවන් සේවය...

නව ලෝකයට ඉඩ තබා මහත්මාගතියෙන් සමුගත් Maxwell..

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: ක්‍රිකට් ලෝකය කැළඹූ ග්ලෙන්...

දිවි පිදූ රණවිරුවෙකුගේ පවුලේ සාමාජිකයින් හමු වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: යුද්ධ හමුදාපතිතුමා දිවි පිදූ...