ගල් අඟුරු සැපයුම බරපතළ අර්බුදයක … !

Date:

රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් ටෙන්ඩර් ක්‍රමය ඔස්සේ ගල් අඟුරු සැපයීම සඳහා තෝරාගත් අවම ලංසුව ලබාදුන් සැපයුම්කරු, ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා නීත්‍යානුකූලව නිරාකරණය කරගන්නා තුරු මෙරටට ගල් අඟුරු සැපයීමට නොහැකි බව දැනුම් දී තිබේ.

පෙරේදා (09) සවස අදාළ සැපයුම්කරුගේ නියෝජිතයින් සහ ලංකා ගල් අඟුරු සමාගමේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී ඔවුන් මේ බව දැනුම් දී ඇති බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.

ඒ අනුව එම කටයුතු නිත්‍යානුකූලව නිරාකරණය කිරීමටත් ඒ අතර තුර ගල් අඟුරු ප්‍රසම්පාදනය කිරීමේ විකල්ප යෝජනා පිළිබඳවත් සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

ගල් අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 45ක් මිලදී ගැනීම සඳහා වන ටෙන්ඩරය ඊට අවම ලංසුව ඉදිරිපත් කළ ඩුබායි හි බ්ලැක්සෑන්ඩ් කොමෝඩිටීස් සමාගමට පසුගිය අගෝස්තු 25 වනදා පිරිනමන ලද අතර එම ගනුදෙනුව දූෂිත බවට විවිධ පාර්ශ්ව විසින් චෝදනා එල්ල කරන ලදී. එමෙන්ම මෙම ගනුදෙනුවට එරෙහිව පාර්ශ්ව කිහිපයක් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම තුළ ගල් අඟුරු සැපයුම බරපතළ අර්බුදයකට ලක්ව තිබේ.

දැනට මෙරට පවතින ගල් අඟුරු තොග ප්‍රමාණවත් වන්නේ ඔක්තෝබර් 20 වනදා වනතෙක් පමණක් වන අතර ඊට පෙර ගල් අඟුරු සපයා ගැනීමට නොහැකි වුවහොත් නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රිය වීමෙන් බරපතළ විදුලි අර්බුදයක් නිර්මාණයට වීමේ අවදානමක් පවතී.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට විරෝධය පළකරමින් ඉසුරුපායේ විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට විරෝධය පළකරමින් අද...

අපේ ආදර මතක : “නොසැලෙන්න කඳුළක් දෑසින්”

"අරූට තමයි යොහාන් අර්ජුන කියන්නේ. ඌ ගායකයෙක්." බණ්ඩාරවෙල ටවුමේ රස්තියාදුකාර...

LKNOG9 සමුළුව කොළඹදී සාර්ථකව පැවැත්වේ

නිශ්මං රණසිංහ අගෝස්තු 13, කොළඹ LNW: Lanka Network Operators Group හි...

නිකොදේමස් විජාජා ගේ විචිත්‍රවත් සහ මායාකාරී ආභාසය ලත් වීදි ඡායාරූප එකතුවක්!

සටහන – පුලී අගෝස්තු 13, කොළඹ (LNW): මායාකරණයට ලක් වූ...