ශිරාන් බාසික් අත්අඩංගුවට ගත් බවට නිල තොරතුරක් නැහැ – පොලිස් ඇමති

සටහන – රුවන් නෙළුගොල්ල

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තා අත් අඩංගුවට ගත්තේදැයි ඩුබායි රාජ්‍යය මේ දක්වා නිල වශයෙන් දැනුම් දී නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

“නිල වශයෙන් දැනුම්දීමක් සිදු නොකරන තිබුණත්, මේ පිළිබඳව යම් යම් තොරතුරු ප්‍රමාණයක් තිබුණා. මේ පිළිබඳව පොලිසිය අවධානයෙන් ඉන්නවා. විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධානයෙන් ඉන්නවා. ඉදිරි කාලයේදී මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් පියවර ගන්නවා. ඒ සඳහා රතු සහ නිල් නිවේදන නිකුත් කර තිබෙනවා. ඔවුන් නීතියේ රැහැනට කොටු කරගැනීම ඉදිරියේදී කරනවා. ශිරාන් බාසික් අත්අඩංගුවට ගැනීම ගැන ඩුබායි රාජ්‍යයෙන් නිල දැනුම්දීමක් නැහැ. ඇතැම් තොරතුරු සමාජ මාධ්‍යයේ හුවමාරු වුණා. කොහොම වුණත්, මේ පිළිබඳව ජාත්‍යන්තර පොලිසිය හරහා සොයා බලමින් ඉන්නවා. මොන ආකාරයේ පුද්ගලයෙක් වුණත්, ඔහුව නීතියේ රැහැන‌ට කොටු කරගන්න අපි අවශ්‍ය පියවර අරගෙන තිබෙනවා”

ආනන්ද විජේපාල අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (01) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන්වන ප්‍රධානතම ජාවාරම්කරුවකු බව පැවසෙන ශිරාන් බාසික් නමැත්තා ඩුබායි රාජ්‍යයේදී එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන ඇති බවට පසුගිය සතියේදී ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...