සටහන – රුවන් නෙළුගොල්ල
ඉදිරි පළාත් සභා මැතිවරණයකදී වයඹ පළාත් මහ ඇමති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට තමන් කැමැත්තෙන් සිටින නමුත් ඒ සම්බන්ධයෙන් මේ දක්වා තීන්දුවක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
ප්රශ්නය – ඔබ මීට පෙරත් තීන්දුවක් අරන් තිබෙනවා පාර්ලිමේන්තුවෙන් ඉවත්වෙලා පළාත් සභාවට ගිහිල්ලා. ඔබ නැවත සමගි ජන සන්ධානයේ වයඹ පළාත් මහ ඇමති අපේක්ෂකයා විදියට එනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඔබ සහ තුෂාර ඉඳුනිල් අතර මේ ගැන සටනක් පවතිනවා කියලා ?
“අනේ නැහැ, කිසි සටනක් නැහැ. අපි ඒ ගැන කල්පනා කරන්න ඕනෙ. විශේෂයෙන් මගේ ගොඩක් කැමැත්ත තියෙනවා ග්රාමීය මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් හොඳ වැඩක් තමයි පළාත් සභාව …”
ප්රශ්නය – ඔබ මීට පෙරත් ඒ වගේ අභියෝගයක් භාර අරගෙන ලොකු ජයග්රහණයක් වාර්තා කරපු කෙනෙක්. සීසර්ගෙ තනතුර සීසර්ගෙ පාමුල තියලා එනවා කියලා නේද එදා රනිල්ට කිව්වෙ ?
“ඔව්, සීසර්ගෙ තනතුර සීසර් ගාව තියලා යනවායි කියලා. ඇත්තටම ඒ ක්රියාවලිය තුළ මම ගොඩාක් කැමතියි මහ ඇමතිවරයෙක් විදියට වැඩකරන්න තියෙනවා නම්. මොකද ග්රාමීය මිනිස්සුන්ට අතිවිශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. හැබැයි මම ඒ කාල වකවානුව තුළ ඉඳලා, මම ජාතික දේශපාලනයේත් හිටපු කෙනෙක් විදියට තීන්දුවක් ගන්නවා නම් යම්කිසි ක්රමවේදයක් අනුව ඒ තීන්දුව ගන්න ඕනෙ, සමස්ත පක්ෂ සියල්ලම එකට එකතුවෙලා යනවා නම් පොදු එකඟතාවයක් ඇතිව”
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (01) හිරු රූපවාහිනී නාලිකාවේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකදී ය.


