කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපලට ඩ්‍රෝන ප්‍රහාරයක්; යුද්ධය නැවත ඇවිලෙන ලකුණු

සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානය විසින් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් එක් අයෙකු මියගොස් 60 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඇමරිකා-ඉරාන සටන් විරාමය උල්ලංඝණය කරමින් ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාව පසුගිය 28වන දා ඉරානයේ උපායමාර්ගික වරාය නගරයක් වන බන්ඩාර් අබ්බාස් වෙත එල්ල කරන ලද බැලස්ටික් ප්‍රහාර වලට ප්‍රතිචාරයක් වශයෙන් ඉරානය එක්සත් ජනපද හමුදා කඳවුරු පිහිටා ඇති බහරේනයේ සහ කුවේටයේ ඉලක්ක වෙත නැවත නැවතත් ප්‍රහාර එල්ල කර තිබේ.

කුවේටයේ ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් සවුඩ් අබ්දුලාසීස් අල්-ඔටයිබි ප්‍රහාරය “සාපරාධී ඉරාන ආක්‍රමණය” ලෙස හැඳින්වූ අතර, කුවේට් විදේශ අමාත්‍යාංශය පසුව පැවසුවේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ඇතුළු යටිතල පහසුකම් වලට හානි සිදුවී ඇති බවයි.

යුද්ධය අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාම සාකච්ඡා ඇණහිටීමත් සමඟ මෙම ප්‍රහාර සිදු වී ඇති අතර ඉරානය විසින් කුවේටයට එල්ල කරන ලද මිසයිල දෙකක් සහ බහරේනයට එල්ල කරන ලද මිසයිල තුනක් සාර්ථවක මැඩ පවත්වන ලද බව ඇමරිකානු හමුදා ප්‍රකාශ කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...