ඇමති කංචන තොත්ත බබෙක්ද? (VIDEO)

Date:

ජනතාවට සහන දිය යුතු මොහොතක තවදුරටත් සහන දෙමින් සිටින්නේ රට බංකොලොත් කළ යට වන අතර මේ වන විට පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු රාජ්‍ය ඇමතිවරු කර එම බරත් ජනතාවට දී තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසුවේය.

ඒ, අද (12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඉදිරියේදී ගල් අඟුරු හිඟයක් ඇති වන බවට පැවසෙන බවත් එවැනි තත්ත්වයක් වුවහොත් නොරොච්චෝලේ අකර්මන්‍ය වන හෙයින් ඊට පෙර අවශ්‍ය ගල් අඟුරු ගෙන්වා ගැනීමට ඛනිජ තෙල් අමාත්‍යාංශය දැනගත යුතු වන බවත් එය නොදැනගැනීමට තරම් ඇමති කංචන ඇතුළු ඛනිජ තෙල් අමාත්‍යාංශයේ නිලධාරීන් තොත්ත බබාලාද යන්න විජේසිරි මන්ත්‍රීවරයා විමසාසිටියේය.

එහෙත් ඇමතිවරයා සිදුකරමින් සිටින්නේ ගල් අඟුරු ගෙන්වීම වෙනුවට හදිසි විදුලිය මිලදී ගැනීම් සිදුකර කොමිස් ගැසීමට බව හෙතෙම පෙන්වා දෙයි.

ඒ අනුව නැවතත් හොරුන්ට හොරකම කිරීමට අවස්ථාව දී ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...