ක්‍රීඩාව ගොඩගන්න රොෂාන් හිටපු ක්‍රීඩා ඇමතිවරු කැඳවලා – නාමල් විතරක් ඇවිත් නෑ !

Date:

ක්‍රීඩා ක්ෂේත්‍රය උන්නතිය සඳහා හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා වත්මන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් කැඳවා තිබිණි.

මෙම සාකච්ඡාව සඳහා මහින්දානන්ද අලුත්ගමගේ, ගාමිණී ලොකුගේ, ලක්ෂ්මන් කිරිඇල්ල, ජීවන් කුමාරණතුංග, දයාසිරි ජයසේකර, නවීන් දිසානායක, ෆයිසර් මුස්තාපා, හරීන් ප්‍රනාන්දු යන හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුණ රණතුංග මහතා සහභාගි වී තිබේ.

විශේෂත්වය වන්නේ ගෝඨාභය රාජපක්ෂ රජයේ ක්‍රීඩා අමාත්‍යවරයා වූ නාමල් රාජපක්ෂ මහතා සාකච්ඡාවට සහභාගි නොවීමයි.

ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ජාතික දැල්පන්දු කණ්ඩායම ආසියානු ශූරතා දිනා ගත්තේ නාමල් රාජපක්ෂ මහතා විසින් ක්‍රීඩාවට සිදුකළ අනුපමේය සේවය නිසා බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසා තිබිණි.

කෙසේ නමුත් නාමල් රාජපක්ෂ මහතා අද සාකච්ඡාවට සහභාගි නොවූ බැවින් නව ක්‍රීඩා අමාත්‍යවරයාට හිටපු ක්‍රීඩා ඇමතිගෙන් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අගනා වටිනා උපදෙස් මාලාවක් ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...

2025 තුන්වැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 5.4% ක් !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වර්ෂයේ තෙවන කාර්තුවේ දී ශ්‍රී...