මිනීමැරුම් 5ක් සම්බන්ධයෙන් පිල්ලෙයාන්ට චෝදනා – CIDය අධිකරණයට කරුණු වාර්තා කරයි

මනුෂ්‍ය ඝාතන පහකට අදාළව නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

CIDය ඊයේ (15) දිනයේදී මෙසේ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වා තිබුණේ 2008 වසරේදී සිදුවූ ඝාතන පහක් පිළිබඳව ය.

2008 ජනවාරි 09 වනදා මඩකලපුව, කල්අඩි ප්‍රදේශයේ මුරුගන් කෝවිල අසල ක්‍රීඩා පිටියේදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු T-56 ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කිරීම.

2008 මැයි 22 වනදා කාත්තන්කුඩි පොලිස් වසමේ ප්‍රධාන වීදියේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම.

2008 අගෝස්තු 20 වනදා වව්නතිව් පොලිස් වසමේ කොත්තියාපොල, කන්නන්කුඩා ප්‍රදේශයේදී රාත්‍රී කාලයේදී අවිගත් පිරිසක් විසින් තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම

යන සිද්ධීන් සම්බන්ධයෙන් තුන්වැනි සැකකරු වශයෙන් පිල්ලෙයාන්ව නම්කර තිබේ.

මෙම ඝාතනවල පළමු සැකකරු මෙරටින් පළාගොස් විදේශගතව සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති අතර 2025 අගෝස්තු සහ නොවැම්බර් මාසවල සිට CIDය භාරයේ තබාගෙන ප්‍රශ්න කළ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

පිල්ලෙයාන්, මඩකලපුව විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් දැනටමත් අත්අඩංගුවට ගෙන වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින බැවින් මෙම නඩුව නැවත කැඳවන ඉදිරි දිනකදී සැකකාර පිල්ලෙයාන්ව මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විසින් වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...