යුරෝපයේදී තාවි සමරවීර ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසය රනින් ලියයි..

රෂිකා හෙන්නායක ජූනි 18, කොළඹ LNW :

වයස අවුරුදු 11න් පහළ ලෝක මේස පන්දු ශ්‍රේණිගත කිරීම්වල ප්‍රමුඛයා වන තාවි සමරවීර ක්‍රීඩකයා යුරෝපයේ පැවති ජාත්‍යන්තර තරඟාවලි ජයග්‍රහණය කර අද (18) උදෑසන මෙරටට පැමිණියේය.

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම දක්ෂ ක්‍රීඩකයා කොසෝවෝ සහ නෝර්වේ යන රටවල පැවති තරඟවලදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගනිමින් ශ්‍රී ලංකා මේස පන්දු ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත.

ඔහු වයස අවුරුදු 11න් පහළ ලෝක ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය හොබවන අතරම දකුණු ආසියානු කලාපයේ ද අංශ කිහිපයකින් පෙරමුණ ගෙන සිටියි.

වැඩිමහල් ක්‍රීඩකයන් සමඟ ද තරඟ කරමින් ඔහු ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙන් ජාත්‍යන්තර මට්ටමේ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් විය.

මෙම ජයග්‍රහණ මාලාව මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයට අත්කර දුන් මහත් ගෞරවයක් ලෙස සැළකිය හැකිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...