කොළඹ LNW:2019 පාස්කු ඉරු දින එල්ල වූ ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් එවකට අග්රමාත්යවරයා ලෙස සිටි රනිල් වික්රමසිංහගේ ඉල්ලීම පරිදි එක්සත් ජනපදය විසින් කරන ලද විමර්ශනයේ තොරතුරු වර්තමන් රජය විසින් ලබා ගෙන ඇත්ද එසේ නැත්නම් ඊට හේතු කුමක්ද යන්න පිළිබඳ එක්සත් ජාතික පක්ෂය රජයෙන් විමසා සිටියි.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය පවසන්නේ අදාළ විමර්ශන වාර්තා මේ වනවිට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය සහ එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සතුව පවතින බවයි.
එවකට අග්රාමාත්යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්රමසිංහගේ ඉල්ලීම පරිදි මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ,හමුදා බුධි අංශ සහ රාජ්ය බුද්ධි සේවය ඇතුළු මෙරට බලධාරීන් සමඟ එකාබද්ධව FBI ආයතනය විසින් ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර තිබේ.
2020 නොවැම්බර් 12 වන දින FBI විශේෂ නියෝජිත මෙරිලි ආර්. ගොඩ්වින් විසින් කැලිෆෝනියාවේ අධිකරණයේ ගොනු කරන ලද පිටු 71 ක දිවුරුම් ප්රකාශයක් මෙන්ම 2020 දෙසැම්බර් 11 වන දින ලොස් ඇන්ජලීස් අධිකරණයේ අපරාධ නඩුවක් ගොනු ඇති බව එක්සත් ජාතික පක්ෂය ප්රකාශ කරයි.
නඩුවේ නම් කර ඇති සැකකරුවන් කිහිප දෙනෙකු ඒ වන විටත් ශ්රී ලංකා අත්අඩංගුවේ පසුවන බව එජාපය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන අතර
ඒ හේතුවෙන් එක්සත් ජනපද විමර්ශන අංශ සහ අධිකරණ දෙපාර්තමේන්තුව සතුව අදාළ වාර්තාව පවතින බවට එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

