සමාජ මාධ්‍ය හරහා විකෘති තොරතොරු පල කිරීම පිළිබඳ ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් අධිකරණය හමුවේ සමාව ගනී!

හෝමාගම පෞද්ගලික සරසවියක සිසුන් පිරිසක් සංවිධානය කර තිබූ සාදයක් අතර තුරදී හටගත් ගැටුමකින් මියගිය සිසුවාගේ මරණ පරීක්ෂණ වාර්තාව සමාජ මාධ්‍ය හරහා විකෘති කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පෙරේදා (17) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැදවූ අවස්තාවේදී සමාව ලබාගත් බව හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

පසුගිය අප්‍රේල් 9 වෙනි දින රාත්‍රියේ සරසවි සිිිසුන් දෙපිරිසක් අතර පැවති මත්පැන් සාදයේදී ආරවුලක් දුර දිග යාමෙන් එක් පාර්ශවයක සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

එම අවස්ථාවේ හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව සිසුවා මියගිය අතර එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරී පණිත සෙනවිරත්න මහතා විසින් විවෘත තීන්දුවක් නියෝග කෙරිණි.

මේ අතරතුරදි සමාජ මාධ්‍ය ඔස්සේ ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් විසින්, මියගිය සිසුවා වෛද්‍ය අධිකාරිතුමා විසින් හෘද රෝගයකින් මියගිය සඳහන් කර ඇති බව සමාජ මාධ්‍යයට බොරු ප්‍රකාශයක් ලබා දී තිබේ.

ඒ අනුව අසේල සම්පත් යන අය ඊයේ (18) දින හෝමාගම අධිකරණයට සාක්ෂිකරුවෙක් වශයෙන් පෙනී සිටි අවස්ථාවේදී තමා විසින් කළ ප්‍රකාශයට සමාව ඉල්ලා සිටි බව පැවසේ.

මෙම නඩුව හෝමාගම මහේස්ත්‍රාත් රජෙන්දා ජයසූරිය මහත්මිය ඉදිරියේදී විභාගය වූ අතර, අදාළ නඩුව ජූලි මස අටවන දින නැවත කැඳවීමට නියෝග කෙරිණි.

හෝමාගම ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමුදු සේනානායක උසාවි බාර නිලධාරී පො.කො.78844 චතුර යන නිළධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

අරුණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...