හිටපු රාජ්‍ය ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට අල්ලස් කොමිසමෙන් අධි චෝදනා!

කොළඹ LNW:හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොණු කර තිබේ.

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ මෙම අධිචෝදනා පත්‍රයේ සෙසු විත්තිකරුවන් ලෙස සේපාලිකා සමන් කුමාරී සහ කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර තිබෙන අතර ඔවුන්ට එරෙහිව චෝදනාව වන්නේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8,850,000/- ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම ය.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 10 ක් ඉදිරිපත් කර ඇති අතර සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 30 දෙනෙකු සහ නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 38 ක්ද ඇතුළත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...