ජනපති අනුර සහ ICC සභාපති අතර හමුවක්

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC – International Cricket Council) සභාපති ජේ ෂා (Jay Shah) මහතා අතර හමුවක් ඊයේ (19) පැවැත්වී තිබේ.

ඒ, කොළඹ ජනාධිපති කාර්යාලයේදී ය.

මෙහිදී නැගී එන ක්‍රීඩකයින් සඳහා වන අවස්ථා තවදුරටත් පුළුල් කිරීම, බිම් මට්ටමේ සහ තරුණ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීම මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සමාජයීය බලපෑමක් සහ ආර්ථික වර්ධනයක් ඇති කරලීමේ මෙවලමක් ලෙස භාවිත කරන්නේ කෙසේද යන කරුණු සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම අවධානය යොමුවුණු බවයි ICC සභාපතිවරයා සඳහන් කරන්නේ.

එමෙන්ම ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි සඳහා සත්කාරකත්වය සැපයීමේදී ශ්‍රී ලංකාව දිගින් දිගටම ඉටු කරන කාර්යභාරය සහ මෙම ක්‍රීඩාවේ ගෝලීය සංවර්ධනය වෙනුවෙන් දක්වන දායකත්වය පිළිබඳවද ජනාධිපතිවරයා සමග අදහස් හුවමාරු කරගත් බව ICC සභාපතිවරයා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...