සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජොයින්ට් බේස් ඇන්ඩෲස් හිදී ලොව වඩාත්ම සුඛෝපභෝගී සහ ආරක්ෂිත ගුවන් යානයක් ලෙස සැලකෙන නවතම ‘Air Force One’ යානය එළිදක්වා තිබේ.

VC-25B ලෙස නම් කරන ලද සහ රතු, සුදු, තද නිල් සහ රන්වන් පැහැයෙන් යුත් වර්ණයෙන් සරසා ඇති මෙම නව ජෙට් යානය කටාර් ගල්ෆ් එමීර් රාජ්‍යය විසින් ට්‍රම්ප්ට තෑගි කරන ලද අතර, ඩොලර් මිලියන 400ක් වටිනා යානයකි.
මෙය ජනාධිපතිවරයාගේ ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කෙරෙන “Bridge” යානයක් ලෙස නම් කර ඇති අතර පෙර තිබූ යානයට වඩා ප්‍රමාණයෙන් දෙගුණයක් විශාල වන අතර, එහි ඉතා ඉහළ මට්ටමේ ආරක්ෂක පද්ධති, ජනාධිපතිවරයාට වැඩ කිරීමට අවශ්‍ය සියලුම කාර්යාල පහසුකම් සහ නේවාසිකාගාර අන්තර්ගතයි.
එමෙන්ම මෙහි අහසේදී ම ඉන්ධන පිරවීමේ හැකියාව, මිසයිල ප්‍රහාරවලින් ආරක්ෂා වීමේ පද්ධති සහ කිසිදු බාධාවකින් තොරව ලෝකයේ ඕනෑම තැනක සිට සන්නිවේදනය කිරීමේ හැකියාව මෙහි ඇති සුවිශේෂී ආරක්ෂක අංග වලින් සමන්විත වේ.

