එංගලන්තයේ මගී දුම්රිය දෙකක් ගැටීමේ සිද්ධියට අදාළව එක් අයෙකු මරුට, 90කට ආසන්න පිරිසකට තුවාල!

සටහන – පුලී

ජූනි 20, LNW (කොළඹ): එංගලන්තයේ ලන්ඩන් නගරයට උතුරින් පිහිටි බෙඩ්ෆෝඩ් (Bedford) ප්‍රදේශයේ සිකුරාදා සවස සිදුවූ බරපතළ දුම්රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 90කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව බ්‍රිතාන්‍ය බලධාරීන් නිවේදනය කර තිබේ.

බ්‍රිතාන්‍ය ප්‍රවාහන පොලිසිය (British Transport Police) සඳහන් කළේ මගී දුම්රිය සේවා දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් මියගොස් ඇත්තේ දුම්රිය රියදුරෙකු බව ජාතික දුම්රිය, නාවික හා ප්‍රවාහන කම්කරු සංගමය (National Union of Rail, Maritime and Transport Workers) තහවුරු කර ඇත.

නැගෙනහිර එංගලන්ත ගිලන් රථ සේවය (East of England Ambulance Service) අනුව, අනතුරින් පුද්ගලයින් 90කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර, එයින් 11 දෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතළ වන අතර තවත් 22 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. හදිසි ප්‍රතිචාර කටයුතු සඳහා ගිලන් රථ 20කට අධික සංඛ්‍යාවක් ද අනතුරු ස්ථානය වෙත යොමු කර ඇත.

එක්සත් රාජධානියේ ප්‍රවාහන ලේකම් හෙයිඩි ඇලෙක්සැන්ඩර් (Heidi Alexander) සඳහන් කළේ අනතුරට ලක්ව ඇත්තේ East Midlands Railway (EMR) සමාගමට අයත් මගී දුම්රිය සේවා දෙකක් බවයි.

සබැඳි පුවත්;

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...