රෂිකා හෙන්නායක ජූනි 20, කොළඹ LNW :
NSBM හරිත සරසවියේ නවක සිසුන් වෙනුවෙන් සුවිශේෂී මගපෙන්වීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
මෙහිදී ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපළක් වන ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පරිපාලන පොලිස්පති සංජීව ධර්මරත්න මහතා සහ ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ මහතා විසින් පවත්වන ලද ශිෂ්‍ය ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය විනය සහ සදාචාරාත්මක වටිනාකම් පිළිබඳව සිසුන් දැනුවත් කරන ලදී.
පුද්ගලික මෙන්ම වෘත්තීය ජීවිතය තුළ වැරදි මාර්ගවලට යොමු නොවී වගකිවයුතු පුරවැසියන් ලෙස කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.
ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් පවත්වන ලද මෙම සාකච්ඡාව හරහා සිසුන්ට තම අනාගත අභියෝග ජය ගැනීමට අවශ්‍ය මනා අවබෝධයක් ලබා දී ඇත.
මෙමගින් අපේක්ෂා කරන්නේ ශිෂ්‍යයන් තුළ පුද්ගලික වගකීම සහ යහපත් හැසිරීම ප්‍රවර්ධනය කරමින් ඔවුන්ගේ අධ්‍යාපනික ඉලක්ක සපුරා ගැනීමට සහාය වීමයි.



