බිත්තරේක ඇත්ත පිරිවැය විද්‍යාත්මකවම හොයන්න ඇමති සැරසෙයි

බිත්තර මිල සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්වය හැකි ඉක්මනින් විසඳීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා. නිෂ්පාදකයාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කරමින් බිත්තර සඳහා සාධාරණ මිලක් නියම කිරීමට කටයුතු කරන බවද ඇමතිවරයා සඳහන් කරනවා.

ඒ අනුව බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා යන වියදම පිළිබඳව සොයා බලමින් සිටින බවත්, එය නිවැරදිව ගණනය කිරීම සඳහා විද්‍යාත්මක පදනමක් භාවිතා කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

විද්‍යාත්මක පදනමක් ඔස්සේ ගණනය කිරීමෙන් පසුව ලබන සතිය තුළදී පාරිභෝගික කටයුතු අමාත්‍යංශය සමගද සාකච්ඡා කර බිත්තර මිල නියම කරන බවයි ඩී.බී. හේරත් මහතා පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම තරුණයාගේ මරණය හුදෙකලා සිද්ධියක්. ශ්‍රී ලංකා පොලීසියට චෝදනා කිරීම වැරදියි – ඇමති ප්‍රසන්න

හෝමාගම පොලිස් ස්ථානය තුළ සිදුවූ පරදීමකින් සැකකරුවකු මියයාම හුදෙකලා...

කොළඹ කොටස් වෙළඳපොලේ ASPI යළිත් ඒකක 20,000 ඉක්මවා ඉදිරියට

සටහන - රුවන් නෙළුගොල්ල පසුගිය දිනවල යම් පසුබෑමක් පෙන්නුම් කරමින්...

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...