බිත්තරේක ඇත්ත පිරිවැය විද්‍යාත්මකවම හොයන්න ඇමති සැරසෙයි

Date:

බිත්තර මිල සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්වය හැකි ඉක්මනින් විසඳීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා පවසනවා. නිෂ්පාදකයාත් පාරිභෝගිකයාත් ආරක්ෂා කරමින් බිත්තර සඳහා සාධාරණ මිලක් නියම කිරීමට කටයුතු කරන බවද ඇමතිවරයා සඳහන් කරනවා.

ඒ අනුව බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා යන වියදම පිළිබඳව සොයා බලමින් සිටින බවත්, එය නිවැරදිව ගණනය කිරීම සඳහා විද්‍යාත්මක පදනමක් භාවිතා කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

විද්‍යාත්මක පදනමක් ඔස්සේ ගණනය කිරීමෙන් පසුව ලබන සතිය තුළදී පාරිභෝගික කටයුතු අමාත්‍යංශය සමගද සාකච්ඡා කර බිත්තර මිල නියම කරන බවයි ඩී.බී. හේරත් මහතා පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...